welgama-speaks

දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ජන්ම සංවත්සර උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට අදහස් පළ කළේය.



"ජනාධිපතිතුමෙක් පිස්සෙක් වගේ හැසිරුනේ නැත්නම් "ආර්යාවත්" උන්මන්තක විදියට හැසිරෙන්න පටන් ගනීවි. විධායක ජනාධිපති ක්‍රමයේ ස්වභාවය ඒකයි" වෙල්ගම මහතා පැවසීය.

"හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, මෛත්‍රීපාල සිරිසේන සහ වත්මන් ජනාධිපතිවරයාගේ බිරින්දෑවරුන් හැසිරෙන විදිහ හොඳයි ඒ සුදුසු ආකාරයටයි. මම අනිත් අය ගැන කියන්නේ නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.

එම ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ඉලක්ක කර සිදු කළ එකක්දැයි මාධ්‍යවේදීන් විමසූ විට වෙල්ගම මහතා ඊට පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැත. තමන් සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු නොවන බව ඔහු කියා සිටියේය.



"මම මැතිවරණයට ඉදිරිපත් වුණේ SJB එකෙන් බව ඇත්ත. ඒ මට පාර්ලිමේන්තුවට එන්න ඕන නිසා. ඒත් මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් කියලා මම ඔවුන්ට පැහැදිලිවම කිව්වා. දවසක මගේ මිනී පෙට්ටිය නිල් කොඩියෙන් වැහෙනවා" ඔහු වැඩිදුරටත් පැවසීය.