wimal-gammanpila-sb-susil

සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉවත්කිරීමෙන් පසු හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය එස්.බී. දිසානායක මහතා වෙත ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කරයි.



යුගදනවි ගිවිසුම ඇතුලු ආණ්ඩුවට අවාසිසහගත මාතෘකා කිහිපයකදීම ආණ්ඩුව වෙනුවෙන් එස්බී  දිසානායක මහතා පසුගිය දින කිහිපයේදී අදහස් දැක්වූ අතර ජනතාවට ඉන්ධන මිල නිසා හෙම්බත් වූ විට අපිටත් අමාරු තමයි ආදී වශයෙන් කතා පවත්වා රජය කෙරෙහි මතුවන අප්‍රසාදය හීන කිරීමට සැලසුම් සහගතව සිය මුඛය මෙහෙයවීය.
අපක්ෂපාතී අදහස් දැක්වූවන් වෙනුවට පක්ෂපාතී අදහස් දැක්වූවන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට ඒ අනුව තීන්දුවී ඇතැයිද පසුගිය කාලයේ මෛත්‍රී පිලට පැන්න නිසා ඇමති ධූර මුලින් නොලැබුණත් පැවති අමනාපකම් අමතක කර දමා ඔහුට අලුතින් ඇමති ධූරයක් ලබාදෙන්නට තීන්දුවී ඇතැයිද වාර්තා විය.
එස්.බී. දිසානායක මහතා පසුගිය ආණ්ඩු කිහිපයකම කැබිනට් අමාත්‍ය ධූරය දැරූවකුද වේ.



මේ අතර දේශපාලන ආරංචි තවදුරටත් වාර්තා කර සිටින්නේ විමල් ගම්මංපිල හා වාසුදේව තිදෙනාගේ ඇමති ධූරද නොබෝ දිනකින් වෙනස් කරනු ඇති බවයි. ඔවුන් මේ ආකාරයට නෙරපීමක් නොකරන නමුත් විෂය පථ වෙනසක් සිදු කරනු ඇතැයි වාර්තා සඳහන් කරයි.