New-Synofarm-vaccine-for-Emirates-booster-

Covid-19 ට එරෙහිව එන්නත් කරන ලද කාන්තාවන්ට එන්නත් නොකළ අය හා සසඳන විට ඔවුන්ගේ ඔසප් චක්‍ර කාලය දිනකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව එක්සත් ජනපද රජයේ  අධ්‍යයනයකින් හෙළිව තිබේ.‍
 4,000 කට ආසන්න පුද්ගලයන් යොදවා සිදු කරන ලද සහ "ප්‍රසව හා නාරිවේද" "Obstetrics & Gynecology." ජර්නලයෙහි ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයට අනුව, මෙය හෙළිව ඇත.


පර්යේෂණය මෙහෙයවූ ඔරිගන් සෞඛ්‍ය සහ විද්‍යා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන කතුවරයා වන ඇලිසන් එඩෙල්මන් AFP වෙත පැවසුවේ එන්නතේ බලපෑම් කුඩා වන අතර තාවකාලික ඒවා වනු ඇතැයි අපේක්ෂා කරන බවකි. එය "ඉතා සහනදායී" කාරණාවක් මෙන්ම බරපතල ලෙස තැකිය යුතු දෙයක් නොවේ. ඔහු පවසා ඇත.
මෙම අධ්‍යයනය සමාජ මාධ්‍යවල බහුලව පවතින මාතෘකාව පිළිබඳ එන්නත්-විරෝධී වැරදි තොරතුරු මැඩලීමට ද උපකාර කළ හැකි යයි ඔහු දන්වා ඇත.


ඔසප් චක්‍රෙය් කාලය දිගුවීම  සුළු වැඩිවීම් සායනිකව වැදගත් නොවේ. දින අටකට අඩු ඕනෑම වෙනසක් නාරිවේද හා ප්‍රසව විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය විසින් සාමාන්‍ය ලෙස වර්ගීකරණය කර ඇත.

ඔසප් චක්‍ර සාමාන්‍යයෙන් දින 28ක් පමණ පවතින නමුත් නිශ්චිත ප්‍රමාණය එක් කාන්තාවකින් තවත් කාන්තාවකට මෙන්ම පුද්ගලයාගේ ජීවිත කාලය තුළද වෙනස් වේ. මානසික ආතතිය ඇති කාලවලදී ද එය වෙනස් විය හැකිය.

ඔවුන්ගේ අධ්‍යයනය සඳහා, විද්‍යාඥයින් විසින් හෝමෝන උපත් පාලන ක්‍රම භාවිතා නොකරන වයස අවුරුදු 18 සිට 45 දක්වා කාන්තාවන් තෝරාගෙන නිර්නාමික දත්ත විශ්ලේෂණය සිදු කර තිබේ.
සහභාගී වූවන් 2,400 ක් පමණ එන්නත් කරන ලදී -- බහුතරයක් ෆයිසර් (සියයට 55), පසුව මොඩර්නා (සියයට 35) සහ ජොන්සන් සහ ජොන්සන් (සියයට හතක්). ලෙස පැවතිණි.
සංසන්දනයක් ලෙස එන්නත් නොකළ කාන්තාවන් 1500 ක් පමණ ද ඇතුළත් කර ඇත.


එන්නත් කරන ලද කණ්ඩායම අතර, එන්නත් කිරීමට පෙර අඛණ්ඩ චක්‍ර තුනකින් සහ එන්නත් කිරීම සිදු වූ චක්‍රය හෝ චක්‍ර ඇතුළුව තවත් අඛණ්ඩ චක්‍ර තුනකින් දත්ත රැස් කරන ලදී.
එන්නත් නොකළ පුද්ගලයින් සඳහා, අඛණ්ඩ චක්‍ර හයක් සඳහා දත්ත රැස් කරන ලදී.
සාමාන්‍යයෙන්, පළමු එන්නත් මාත්‍රාව එන්නත් නොකළ කණ්ඩායමට සංසන්දනය කිරීමේදී චක්‍රයේ දිග දින 0.64 කින් වැඩි වීමක් සහ දෙවන මාත්‍රාව දින 0.79 ක වැඩිවීමක් පෙන්නුම් කෙරිණි.
එන්නත සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාරය වෙනසට පසුබිම් වී ඇතැයි අනුමාන කරන ලදි.
"ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ ප්‍රජනක පද්ධතිය එකිනෙකට සම්බන්ධ බව අපි දනිමු," එඩෙල්මන් පැවසීය.

කණ්ඩායම දැන් බලාපොරොත්තු වන්නේ එන්නත් කරන ලද කාන්තාවන් අතර පසුකාලීන චක්‍ර පිළිබඳ වැඩි දත්ත එකතු කර දිගු කාලීනව මූලික මට්ටමට නැවත පැමිණීම තහවුරු කිරීමටත්, අධ්‍යයනය ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමටත් ඔවුන්ට එන්නත් වෙළඳ නාම අතර ප්‍රතිවිපාක වෙන්කර හඳුනාගන්නටත්ය.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)