Police-sergeant's-wife-who-set-fire-to-her-ex-husband's-husband-dies-4-days-later

සැමියා විසින් පෙට්‍රල් දමා ගිනි තැබීම නිසා බරපතළ තුවාල ලබා බළපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගෝනාපීනුවල පොලිස් සැරයන්වරිය ඊයේ (09දා) උදැසන ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, ගෝනාපීනුවල, වඩුගොඩ පදිංචිව සිටි කේ.පී. නදිකා සංජීවනී (1891) නමැති සැරයන්වරියකි.



මෙම කාන්තා සරයන්වරියගේ සැමියා හමුදා සේවයේ සිට ඉවත්ව මේ වනවිට ධීවර කාර්මිකයෙකු ලෙස රැකියාව කරන අයෙකු බවත්, ඔහු රැකියාවට ගොස් පසුගියදා 05වැනිදා සවස නිවසට එනවිට  බිරිද දිවා රාජකාරියට ගොස් සිට ඇති අතර පසුව ඇය රාජකාරී නිමවා නිවසට පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවූ අවස්ථාවේ ඔහු ඇයගේ හිසට හෙල්මටයකින්ද පහරදී ත්‍රිරෝද රථයේ තිබූ පෙට්‍රල් බෝතලය ගෙනැවිත් ඇයගේ නිල ඇදුම් ගිනි තැබීමට උත්සාහ කිරීමේදී එම අදුම් බේරාගැනීමට ගියත් ඇයගේ සිරුරට පෙට්‍රල් වැටී ඇති අතර එම අවස්ථාවේ සැමියා ගිනි කුරක් ගසා ඇයගේ ඇගට දමා ඇති බව පරික්ෂාවලදී අනාවරණය වීය.



අසල්වසින් පැමිණි ගින්න නිවා සුව සැරිය ගිලන් ඊයකින් සුලු පිලිස්සුම් තුවාල ලබා සිටි සැමීයාද සමග බළපිටිය රෝහලට යවා ඇත. පොලීසිය බද්දේගම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු බද්දේගම "මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි බළපිටිය රෝහලට ගිය බළපිටිය මහේස්ත්‍රාත්වරයා වීරසිංහ සිරිවර්ධන මහතා අසංක චමිත් තුෂාර නමැති සැකකරු පරික්ෂා කර බලා 18වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කොට එදිනට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළේය. පොලීසිය පැවසුවේ, මිනිමැරිම් චෝදනාව යටතේ සැකකරුට එරෙහිව බී වාර්තවක් මගින් යළිත් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ගෝනාපීනුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත පරික්ෂණ පවත්වති.

(රවිදු දියගහගේ)