10-year-old-child-dies-while-praying-for-treatment-for-mucus

දරුවෙකු අභිරහස් ලෙස මියයාමේ සිදුවීමක් හා ඒ සම්බන්ධ විමර්ශනයේදී ගුප්ත විද්‍යා විශ්වාසන් සම්බන්ධ විමතිදායක තොරතුරු රැසක් අනාවරණය කරගන්නට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වාර්තා කළේය.

වාර්තා කර ඇති ආකාරයට සිදුවීම මෙසේය.
බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ නිවසකින් සැක කටයුතු දුර්ගන්ධයක් ආග්‍රහණයවීම නිසා අසල්වාසීන් ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබෙන අතර ලැබුණ තොරතුරු මත ඊයේ (09) පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වී තිබෙයි.
එහි දී ඒ කියන නිවසේ කාමරයක ඇඳක් මත මියගොස් සිටි වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවෙකුගේ මළසිරුරක් හමු වී ඇත.
නිවැසියන් විමසීමේදී මෙම දරුවා පසුගිය හත් වැනි දා උගුරේ සෙම සිරවීම ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පෙළී දරුවාගේ දෙමව්පියන් ඔහුට යාඥා ප්‍රතිකර්මයක් සිදුකරන ලද බවත් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමු කරේ නැති බවත් දන්වා ඇතිඅතර යාඤාව අතරදී දරුවා මියගොස් ඇත.


නමුත් ඉන්පසුවත් දරුවාට යාඤාව තුළින් සුවයක් ලබාගත හැකියයි විහ්වාස කර ඇති දෙමාපියන් දරුවාගේ මළ සිරුර නිවසේ තබාගෙනදිගටම යාඤාකරමින් සිට ඇත.
දෙමව්පියන් විසින් දරුවාව කාමරයක තබා  සුව වන තුරු ආගමික යාඤා කර ඇති අතර දරුගක්ධය හමා ඇත්තේ ඒ අතරවාරයේදීය.
මෙම ක්‍රියාවලියට දරුවාගේ මවත් පියාත් හා මිත්තනියත් යන තිදෙනා ම හවුල්ව ඇති අතර ඔවුන් කිසියම් අන්තගාමී ආගම් නිකායක සාමාජිකයින් බවත් ඔවුන් සියලු කටයුතු එම විශ්වාසයන් අනුව සිදුකරන අන්ධ භක්තිකයින් බවත් වාර්තා විය.
පොලිසිය මේ ගැන සිදු කරන විමර්ශනයට මවත් පියාත් හා මිත්තනියත් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙයි.


සිදුවීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර, මරණ පරීක්ෂණය සිදු
කිරීමට නියමිතයි.
වැඩිදුර විමර්ශන කටයුතු බඩල්ගම පොලිසිය විසින් මෙහයවයි.