වැල්ලවාය ඇල්ල වළේ දිය නෑම තහනම් කර තිබූ ස්ථානයක අද 5 සෙනසුරාදා දවල් බීමත්ව දියනාමින් සිටි හය දෙනෙකුගෙන් තිදෙනෙකු දියේ ගිලී මියගොස් සිටියදි සොයාගත් බව පොලිසිය කියයි.



මාතර ප්‍රදේශයේ සිට පැමිණි මෙම පිරිස තණමල්විල ප්‍රදේශයේදි මත්පැන් පානය කර වැල්ලවායේ ඇල්ල වළට පැමිණ දියනා තිබේ.
දිය නෑම තහනම් බවට නාම පුවරු සවිකර කම්බි වැටක් තිබියදී එය පෙනි පෙනී අනාර්කසිත ලෙස මෙම ස්තානයේ දිය නෑමට ඔවුන් සිහිමද ගතියෙන් යොමුවීම නිසා මෙම අනතුර සිදුව ඇති බව හඳුනාගත් බව පොලිසිය කියයි.
දියේ ගිලීමෙන් අතුරුදන් වු තිදෙනොගෙන් දෙදෙනෙකුගේ මෘත ශරීර ප්‍රදේශවාසීන් සමග පොලිසිය එක්ව ගොඩට ගත් අතර නාවික හමුදා කිමිදුන් කණ්ඩායම් වි අනෙක් ටතනාගේ සිරුරු අද සවස ගොඩටගන්නට සමත්විය.
මෘත ශරීර මරණ පරීක්ෂණ කටයුතු සඳහා මොණරාගල සිරිගල රෝහලට ගෙන යන ලදි.


මාතර පරමුල්ල පදිංචි දික්වැල්ල විදානලාගේ ලෙස්ලි කුමාර (53),වෝල්ටල් නානයක්කාර (68) සහ පඹුර මාතර පදිංචි හේවා ගලමුලගේ චන්ද්‍රසිරි (65) යන තිදෙනා දියේ ගිලී මියගොස් ඇත.
උමා ඔයේ උමගින් පිටවන ජලයෙන් පෝෂණය වන ඇල්ල වළ වෙනදාටත් වඩා මේ දිනවල ගැඹුරින් දිස්වන අතර
 පසුගිය කාලයේ  දියනෑමට ගිය 16 දෙනෙකු පමණ ගිලී මියගිය අන්තරායකාර ස්ථානයකි.