ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි අතරමංව සිටි සුරතලුන් 300දෙනකුට ආසන්න පිරිසක් පසුගියදා රුසියාවේ ප්‍රවාහන සමාගමකට අයත් විශ්මිත ගුවන්යානයකින් කැනඩාවේ වැන්කුවර් නුවර වෙත ප්‍රවාහනය කර ඇතැයි වාර්තා වෙයි.
මම සුරතලුන් අතර සුනඛයන් 156දෙනෙකු සහ බළලුන් 133දෙනෙකු වෙයි. එසේම එක්සත් ජනපද යුද හමුදාවේ සේවය කඳ සුනඛයන් 50දෙනකුද ඒ අතර සිට ඇත. 2021 වසරේ අගෝස්තු 15 අෆ්ගනිස්තානයේ පාලනය තලේබාන්වරුන්ට භාර කරමින් එක්සත් ජනපදය සිය ගුවන් මෙහෙයුම් අවසන් කිරීමත් සමග මෙම සතුන් ගුවන්තොටුපොළහි සිරවුණි. මෙම සුරතලුන්ගේ හිමිකරුවන් එම අවස්ථාවේදී ගුවන් තොටුපොළ මගින් සැපයූ ගුවන් පහසුකම් යොදා ගනිමින් විවිධ රථවල රැකවරණ පතා ගිය අයවලුන් වෙයි.
කාබුල් නුවර ක්‍රියාත්මක 'කාබුල් ස්මෝල් ඇනිමල් රෙස්කියු' නම් පුරා ආයතනයක් මෙම සුරතලුන් ගුවන්තොටුපොළෙන් ඉවත් කිරීම සදහා අවශ්‍ය පහසුකම් සපයා තිබේ. මුලදී මෙම සතුන් එක්සත් ජනපදය වෙත රැගෙන යාමට නියමිතව තිබුණත්, එරට රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ මධ්‍යස්ථානය මගින් ඇෆ්ගනිස්තානය යනු සුනඛයන් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉහළ අවදානමක් පවතින රටක් ලෙස නම් කිරීම නිසා එය වැළක්වී තිබේ.
මෙලෙස වැන්කුවර් වෙත රැගෙන ආ සුරතලුන්ගෙන් 80දෙනෙකු ඔවුන්ගේ හිමිකරුවන් සමග යළි සම්බන්ධ කිරීමටත්,ඉතිරි පිරිස එහි හදාවඩා ගැනීමටත් තීරණය වී තිබේ. ඒ සදහා කාබුල් ස්මෝල් ඇනිමල් රෙස්කියු සංවිධානය කැනඩාවේ සහ ඇමෙරිකාවේ ක්‍රියාත්මක තවත් පුණ්‍ය ආයතන කිහිපයක් සමග - සම්බන්ධ වී ඇතැයිද සඳහන් වෙයි.-
0 Comments