A-Singaporean-company-has-been-given-20,000-acres-in-Kantale-to-build-the-largest-liquor-factory-in-Asia

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් අක්කර විසිදහසක් සිංගප්පූරු සමාගමකට විකුණා දමා, එම බිමේ ආසියාවේ විශාලම මද්‍යසාර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට යන බව ජාතික සංවිධාන එකමුතුව හෙළිකර සිටී.



මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත්දා මීට අදාල පති‍්‍රකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ කල්‍යානන්ද තීරණගම හා ඉංජිනේරු කපිල පෙරේරා මහතා අද (15 දා) මේ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කිරීමට නියමිතව ඇත.



ගිවිසුමේ ආරම්භක දින සිට මෙහෙයුම් ආරම්භ කර දස වැනි සංවත්සරය දක්වා කාලය සිංගප්පූරු ආයෝජකයාට 85% සහ ශ්‍රී ලංකා රජයට 15%ක කොටස් හිමිකාරිත්වය ඇතැයි ගිවිසුමේ සඳහන් වේ.

එතැන් සිට විසිවන සංවත්සරය දක්වා 75%ක් ආයෝජකයකයාට 25%ක් ශ්‍රී ලංකා රජයටත් ලැබෙන බව ද ගිවිසුමේ සඳහන් ය.



විසි වෙනි සංවත්සර දින සිට ගිවිසුම අවසන් වන කාල පරිච්ඡේදය දක්වා අදාළ පාර්ශවයන් කොටස් හිමිකරගන්නා ප්‍රතිශතය ප්‍රමාණය මත හිමිකම තීරණය කරන බවද එහි දැක්වේ.

මෙම කැබිනට් පත්‍රිකාව සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ද ලබා දී තිබේ.

මේ සඳහා තම විරෝධය පළ කරන බවද එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේය.