සෞදි අරාබිය තුළ ප්‍රථම වරට පැවැත්වුණු යෝගා උත්සවය පසුගිය සෙනසුරාදා එරට බේලාසන් වෙරළේදී සංවිධානය වූ බව වාර්තා වෙයි.
එයට යෝගා කටුව මගින් මෙම අවස්ථාව සංවිධානය කර තිබේ. මේ සදහා එරට සිටියෝගා ව්‍යායාම්හි නිරතවන දහසකට ආසන්න පිරිසක් සහභාගිවී ඇත විශේෂයෙන්ම සෞදි අරාබියේ තරුණියන් සහ කාන්තාවන් වැඩි වශයෙන් ඊට සම්බන්ධ වී තිබීමත් විශේෂත්වයක්. බව විදෙස් මාධ්‍ය පවසයි. මෙහිදී බොහෝ පිරිසක් සෞදි අරාබියේ සුප්‍රසිද්ධ යෝගා පුහුණුකරුවන්ගේ ක්‍රියාකාරකම් දැකබලා ගැනීම සදභා මෙම අවස්ථාවට සහභාගි වී තිබූ බවත් පැවසෙයි. ඒ අනුව මෙහිදී ඉදිකර තිබූ යෝගා ශාලා සහ මධ්‍යස්ථාන හරහා විවීධ වැඩමුළු සහ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කෙරී ඇත. දශක දෙකක පමණ කාලයක් තුළදී සෞදි අරාබිය තුළ මෙම යෝගා ව්‍යායාම් වඩා වේගයෙන් ව්‍යාප්තවීමට හේතුව එහි ඇති අලංකාරත්වය බව යෝග කමීටුවේ ප්‍රධානියා පවසා තිබේ.
0 Comments