After-74-years-the-Independence-Day-celebrations-of-1948-will-continue-tomorrow

ශ්‍රී ලංකාව නිදහස ලැබූ 1948 පෙබරවාරි 04 වන දින ජ්‍යෙතිෂ්‍ය වශයෙන් පැවති ග්‍රහ චාරයට හා සමාන ග්‍රහ චාරයක් 2022 පෙබරවාරි 04 හෙට දිනයේ යෙදෙන බවත් මෙය ඉතා කලාතුරකින් සිද්ධවන්නක් බවත් ප්‍රකට ජ්‍යොතිශාස්ත්‍රඥ ජීඑම් ගුණපාල මහතා සඳහන් කර තිබේ.


බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර සර් හෙන්රි මුවර් අග්‍රාණ්ඩුකාරවරයා ලෙස නිදහස් ලංකාවේ දිවුරුම් දුන්නේ 1948 පෙබරවාරි මස 04 වැනි දා උදේ 7.30-7.40 අතරය.


මේ වේලාවට උදාව පැවතියේ කුම්භ ලග්නයයි. ජ්‍යොතිෂයේ ප්‍රබල නියමයක් වන වර්ෂ උදා අවස්ථාව සෙවීම පරිදි එදින එම වේලාවට පැවැති සූර්ය
ස්ඵුටයම යළි උදාවන අවස්ථාව වර්ෂ උදා සංවත්සරයයි. 1948 නිදහස් දින සූර්ය ස්ඵුටය. හරියටම මකර 21.02.31 විය. ලග්නයේ බුධ, සිකුරු ද චන්ද්‍රයා 10 ද, කුජ 7 ද විය. අනුර නැකතයි.

2022 පෙබරවාරි 04 වැනි දා මෙම සූර්යයා උදා වනුයේ එම වර්ගයටම උදේ 7.16ට යි. මෙය අදාළ දිනයේම ඊට ආසන්නවම සිදුවනුයේ ඉතාම කලාතුරකිනි. මේ අනුව මෙවර නිදහස් සංවත්සර උදා මොහොතේ ඉතාමත් විශේෂ ග්‍රහ ගමන පරිදි කුම්භ ලග්නය වී ගුරු චන්ද්‍ර ගජකේර් යෝගය උදා කරමින්
ලග්නයේ සිටී. කුජ, සිකුරු ධර්ම කර්මාධිපති රාජ යෝගය උදා කරමින් අය භාවයේ සිටි.මේ අනුව මෙවර 75 වැනි වරට උදා වන නිදහස් මොහොත රටට භාග්‍ය, වාසනාව උදා කරන ප්‍රබල සාධකයක් බව ගුණපාල මහත සඳහන්කරයි. ශනි, රවි ආදීන් 12 සිටීම අයහපත්ය.

මෙම සෙනසුරු වුව 2022 අප්‍රේල් 29 වැනි දා ලග්නයට පැමිණ මූල ත්‍රිකෝණ වනු ඇත. ගුරු, රාහු, කේත්තු
ආදී සියලු ග්‍රහයන්ගේ ගමන් යහපත් වනු ඇත. එතෙක් කාලය රටට බරක් වන යම් යම් ගැටලුකාර් අර්බුදකාර ප්‍රශ්න හා යම් යම් කනස්සලු සහගත අඩුපාඩු දෑ සිදු වුවත් 2022 අප්‍රේල් සිට විශේෂයෙන් අප්‍රේල් 12 වැනිදායින් පසු අලුත් ඉරක් පායන ප්‍රබෝධමත් කාලයක
ආරම්භය ඇති කරන්නේය. දේශපාලන ක්ෂේස්ත්‍රයේද නව නැම්මක්, නව ගැනිමක් ද හටගනු ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.