Archbishop-Malcolm-Cardinal-to-meet-with-Pope-in-Vatican-tomorrow

මේ දිනවල වතිකානයේ සංචාරයක නිරතව සිටින මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අනිද්දා (27) දිනයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැකීමට නියමිතය.වතිකානයේ ශුද්ධ වූ පේදුරු බැසිලිකා පරිශ්‍රයේදී අනිද්දා  පෙරවරු 10.30ට මෙම හමුව පැවැත්වීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.  

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වී වසර දෙකකුත් මාස 10ක් පමණ ගතවී ඇතත් මෙතෙක් සාධාරණය ඉටුනොවීම සම්බන්ධයෙන් අගරදගුරුතුමන් මෙහිදී පාප්වහන්සේ දැනුවත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මෙම අවස්ථාවේදී ශුද්ධ වූ පේදුරු බැසිලිකා පරිශ්‍රයට රැස්වන ලෙස ඉතාලියේ මෙන්ම යුරෝපයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව වතිකානයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව පවසති.  පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සොයන සියලුම  ශ්‍රී ලාංකික ජනතාව මෙම අවස්ථාවට පැමිණ අගරදගුරුතුමන්ට සහය ලබාදෙන්නැයි ඉල්ලා සිටින බව එරට එක්සත් මිතුරු ශ්‍රී ලංකා සංසදයේ සභාපති ප්‍රියාන් සමරවික්‍රම මහතා පැවසීය.