ආර්ජන්ටිනාව චීනයේ තීරයක් සහ මාවතක් (Belt and Road) වැඩසටහන වෙත සම්බන්ධවීමට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමක් පසුගිය ඉරිදා බීජිං නුවරදී සිදුව තිබේ. එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං සහ ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බෙර්ටෝ ෆර්නැන්ඩස් අතර මෙම අත්සන් තැබීම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ආර්ජන්ටියානු ජනාධිපතිවරයා මේ දිනවල චීනයේ සංචාරයක නිරතව සිටින අතර,
ඊට සමගාමීව මෙම එකගතා අත්සන් තැබීම සංවිධනය වීමත් විශ්මිත්වයකි.ඒ අනුව චීනයේ ඩොලර් ට්‍රිලියන ගණනක ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය වෙත සම්බන්ධවන දකුණු ඇමෙරිකානු මහාද්වීපයේ ප්‍රධානම ආර්ථිකයන්ගෙන් එකක් බවටද ආර්ජන්ටිනාව පත්ව ඇත.
බ්‍රසීලය සහ මෙක්සිකෝව අනෙක් රාජ්‍යන් දෙකවෙයි. විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට මේ දක්වා ලතින් ඇමෙරිකානු කලාපයේ පිහිටි තවත් කුඩා රාජ්‍යයන් 21ක් නිල වශයෙන් චීනයේ මෙම තිරයක් සහ මාවතක් වැඩසටහන සමග සම්බන්ධව සිටියි. ඒ යටතේ රටවල් රැසකම චීන ආයෝජන යටතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් තිබේ.මේ අතර, ආර්ජන්ටිනාව චීනයත් සමග ඇති කරගත් මෙම එකගතාව දිගු කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි අවස්ථාවක් බවද ලෝක ආර්ථික නිරික්ෂකයෝ සඳහන් කරති.
විශේෂයෙන්ම 2020 වසරේදී බ්‍රසීලය අබිභවමින් චීනය ආර්ජන්ටිනාවේ විශාලතම ගනුදෙනු හවුල්කරුවා බවට පත්විය.
වසංගතයේ බලපෑම නිසා ඇතිවූ කලාපීය වෙළදාමේ කඩාවැටීම ඊට මූලිකවම හේතුවීය. අද වනවිට චීනය ආර්ජන්ටිනාව වෙත සැපයුම් සිදුකරනකු පමණක්ම නොවන අතර, ආර්ජන්ටිනාවේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙත ප්‍රධානම වෙළද පොළක් ලබාදීමට චීනය ක්‍රියාකර තිබේ.
ඒ අනුව මෙම තීරයක් සහ මාවතක් එකගතාවට පත්වීම හරහා චීනය සහ ආර්ජන්ටිනාව අතර වෙළදාම තවදුරටත් සංවර්ධනය කිරිම සදහා වන පෙරදැක්ම කිහිපයක් සඳහාම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමක් ලෙස සටහන්ව ඇත. ආර්ජන්ටියානු රජයට අනුව චීනය විසින් දැනටමත් තුළ සිඳුකරයටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 14කමුදලක් ආයෝජනයට එකගතාව පළකර තිබේ.
චීනයේ මෙම තීරයක් සහ මාවතක් වැඩසටහන 2013 වසරේදී ආරම්භ කෙරුණු අතර, වත්මන් ජනාධිපති ෂී ජින්පිං ඊට නායකත්වය දෙයි. මේ දක්වා ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග සහ යුරෝපය ඇතුළු කලාපවල රාජ්‍යය රැසකම චීන ආයෝජන යටත් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැස ක්‍රියාත්මකව පවතී.
0 Comments