Bin-Ladens-son-met-with-Taliban-leaders-last-year

අල්-කයිඩා සංවිධානයේ නිර්මාතෘවරයා වන ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා වන අබ්දුල්ලා බින්ලාඩන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඇෆ්ගනිස්තානයට පැමිණි තලේබාන් සංවිධානයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡාවක නිරතවී ඇතැයි වාර්තා වෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ඉස්ලාම් රාජ්‍ය හා අල්-කයිඩා සංවිධානය සහ ඔවුන්ගේ හිතවතුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

ඒඅනුව තලේබාන්  සංවිධානය විසින් ඇති ඇෆ්ගනිස්තානයේ පාලන බලය තමන් නතු කරගත් පසුගිය වසරේ අගෝස්තු 15 වැනිදායින් පසුව මෙම හමුව සිදුව තිබෙන බවත්, අල්-කයිඩා සංවිධානය අගෝස්තු 31දා ඒ සම්බන්ධයෙන් සිය සුබපැතුම් තලේබාන් සංවිධානය වෙත පිරිනැමීමෙන් අනතුරුව හමුවීම සංවිධානය වී  තිබෙන බවත් එම වාර්තාව පවසයි.

අද වනවිට අල්-කයිඩා සංවිධානය නායකත්වය පිළිබදව යම් මතභේදකාරී තත්වයකට පත්ව සිටින අතර, ඒ හේතුවෙන් පෙර මෙන් මහා මාර්ග ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක්ද එම සංවිධානයට නොමැති බවත් පැවසෙයි. කෙසේ වෙතත් මෙම වාර්තාව අනාවරණය කර ඇති ආකාරයට අදවනවිට ඉන්දියානු උපමහාද්වීපය තුළ අල්-කයිඩා ක්‍රියාකාරකම් යම් තරමක ඉදිරියක් පෙන්නුම් කර ඇත. ඔසාමා මෙහ්මුඩ් සහ ඔහුගේ දෙවැනියා ලෙස සැලකෙන  අටිෆ් යහ්යා ගොරිගේ නායකත්වයෙන් යුත් මෙම සංවිධානය අද වනවිට ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ රැසක ව්‍යාප්තව සිටින අතර,

ඔවුන් හිටපු ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි ධුරයෙන් ඉවත්කිරීම සදහා තබාක්සමග එක්ව සටත්කළ බවවසයි. එසේ අල්කයිඩා සංවිධානයේ මෛම ඉන්දීය උපමහාද්වීපයේ කණ්ඩායම සතුව අද වනවීට සටන්කරුවන් 200ත් 400ත් අතර පිරිසක් සිටින බවත්, ඔවුන් ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය සහ පාකිස්තානයෙන් බදවා ගත්පිරිස් බවත් මෙම වාර්තාව වැඩිදුරටත්ව පවසයි.-