Chinese-karaoke-club-raided-at-Geetanjali-Place-Kollupitiya
කොල්ලුපිටිය ගීතාංජලි පෙදෙසේ චීන කැරොකේ සමාජ ශාලාවක් වැටළීමට පොලිසිය ඊයේ කටයුතු කළේය. නීති විරෝධීව පවත්වාගෙන ගිය මෙම ස්ථානය චීන ජාතිකකාන්තාවක මූලිකත්වයෙන් සේවකයින් 13 දෙනෙකුද සමග පවත්වාගෙන ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් 12 දෙනෙකු චීන ජාතිකයන් බව පොලිසිය සඳහන් කරයි. ඒ අය අතරින් 3 ක් චීන කාන්තාවන් වූ අතර 9 ක් චීන පිරිමින්ය.එම ස්ථානයේ තිබි විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 490 ක් සහ විවිධ වර්ගයේ විදෙස් දුම්වැටි 100 ක් ද පොලිසිය හසුකරගත්තේය.
කැරොකේ සමාජශාලාවක් පවත්වාගෙන යාමට හා මත්පැන් අලෙවි කිරීම බලපත්‍ර අවශ්‍ය වන නමුත් මොවුනට එවැනි අවසරයක තිබී නැත.
අයිතිකාර චීන ජාතික කාන්තාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු රුපියල් 90000ක දඩ මුදලක් ගෙවන්නට එකඟ වූවාය.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.
එසේම තීරු බදු රහිත දුම්වැටි ළඟ තබා ගැනීම හේතුවෙන් එහි කළමනාකරු ද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු රුපියල් 60,000ක දඩයක් මත මුදා හරින ලදි.