චීනයට අයත් චන්ද්‍රිකාවක් මගින් පසුගිය මාසයේදී පෘථිවි කක්ෂයේ පවතින දිගුකාලයක් පුරා අකර්මණ්‍යවී ඇති තවත් චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ කිලෝමීටර් 300ක් පමණ ඈතට වීසිකර දමා ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මෙම ප්‍රදේශය පෘථිවි කක්ෂයේ පිහිටි 'සොහොන් බිම” ලෙස හැදින්වෙන අතර, එම ප්‍රදේශය තුළ ඇති වස්තූන් පෘථිවි කක්ෂයේ ඇති අභ්‍යවකාශ යානා සමග ගැටීම සීමාසහිත වන බවත් පැවසෙයි. එක්සත් ජනපදයේ පිහිටි පෞද්ගලික සමාගමක් වන ExoAnalytic Solutions නම් ආයතනයේ අභ්‍යවකාශ තත්වයන් පිළිබද දැනුවත් කිරිමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ආචාර්ය බ්‍රයන් ෆ්ලෙවෙලින්ගේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අනාවරණය කර තිබේ.
මෙම ExoAnalytic Solutions ආයතනය ලාව පුරා පිහිටි දැවැන්ත ප්‍රකාශ දුරේක්ෂ ජාලයක් යොදා ගනිමින් චන්ද්රිකාවක්හි ස්ථාන වෙනස්වීම සම්බන්ධයෙන් නිරික්ෂණය කරමින් සිටියි. ඒ අනුව ඔවුන්ට නිරීක්ෂණය වී ඇති ආකාරයට චීනයට අයත් SJ-21 නම් චන්ද්‍රිකාව පසුගිය ජනවාරි 22දා සිය සාමාන්‍ය ස්ථානය වෙනස් කරමින්, දැනට අක්‍රියවී ඇති චන්ද්‍රිකාවක් වන Compass-G2 හා සමීපවී තිබේ. ඒ අනුව ඊට දින කිහිපයකට පසුව සිදුකළ නිරික්ෂණයේදී එම SJ-21 චන්ද්‍රිකාව මගින් G2 චන්ද්‍රිකාව වඩා ඉහළ කක්ෂයකට රැගෙන ගොස් තිබෙන බවහදුනාගෙන ඇත.කෙසේ වෙතත් චීනයේ අභ්‍යවකාශ බලධාරින් මෙම සිදුවීම පිළිබදව මෙතෙක් කිසිදු අදහසක් දක්වා නැත.මෙම Compass-G2 හෙවත් BeiDou-2 G2 ලෙස හැදින්වෙන චන්ද්‍රිකාව චීනයේ BeiDou-2 චන්ද්‍රිකා පද්ධතිය යටතේ 2009 වසරේදී කක්ෂගත කරවූවකි.
එහෙත් කක්ෂගත කර ටික වේලාවකින් එය දෝෂයකට ලක්වූ අතර,
ගෙවුණු වසර 12කට අධික කාලයක් එය මෙලෙස පෘථිවි කක්ෂයේ ඇති අනෙකුත් අභ්‍යවකාශ අපද්‍රව්‍යයද සමග පෘථිවිය වටා කැරකැවෙමින් තිබුණි. SJ-21 චන්ද්‍රිකාව 2021 ඔක්තෝබර් මාසයේදී කක්ෂගත කෙරුණු භූස්ථාවර චන්ද්‍රිකාවකි. එය සිය මෙහෙයුම නිමා කර දැන් නැවතත් කොංගෝ ද්‍රෝණියට ඉහළ අහස් භූස්ථාවර කක්ෂය වෙත පැමිණ තිබේ. මෙම ස්තාවර කක්ෂයේ පිහිටි චන්ද්‍රිකා පාවිච්චිය කරකැවෙන වේගයෙන්ම කරකැවෙමින් අදාළ ස්ථානයේ ස්ථානගතවී සිටියි. මෙලස අභ්‍යවකාශයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරිමට මූලිකත්වය ගැනීම චීන අභ්‍යවකාශ පර්යේෂකයන් ගත් සුවීශේෂ පියවරක් බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි. දැනටමත් විවිධ රටවල් මෙම අභ්‍යාවකාශ අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා යොදාගත හැකි විවිධ සංවර්ධනය කරමින් සිටියි. ඒ අතරින් ජපානය 2021 මාර්තු මාසයේදී ELSA-d ලෙස මෙහෙයුමක් ඇරඹූ අතර, ඒ හරහා අභ්‍යාවකාශ අපද්‍රව්‍ය එකතු කර ඉවත් කිරීම් තාක්ෂණයක් අවා බැලුණි. එසේම යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය සිය අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කිරිමේ මෙහෙයුම් 2025 දී ඇරඹීමට සූදානමින් සිටියි.
0 Comments