බාලවයස්කාර දැරියකට බරපතල අපයෝජනයක් සිදුකළ බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවීම හේතුවෙන් සැකකරුට වසර 15ක බරපතළ වැඩ සහිතව සිරදඩුවම් මොනරාගල මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරැගොඩ මහත්මිය පෙරේදා (08) නියම කළාය.මෙම සිරදඩුවමට අමතරව චූදිතයාට
රුපියල් 10,000ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල නොගෙවන්න මේ තවත් මාස 06 කාලයකට බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කළාය.මීට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ 0.5ක වන්දි මුදලක් ගෙවන ලෙස චුදිතයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, චුදිතයා එම මුදල නොගෙවන්නේ නම් එම මුදල දඩමුදලක් ලෙස අය කරගැනීමටත්, එසේ නොමැති වුවහොත් වසර (02) ක කාලයක් සඳහා ලිහිල් සිරදඩුවමක් ලබාදීමටද නියෝග කළාය.මෙසේ දඩ, වන්දි, හා සිරදඬුවම් නියම වූයේ තණමල්විල, සූරියආර, නවසිරිපුර ප්‍රදේශයේ පදිංචි ජයවර්ධන විදානපතිරණලාගේ කුමාර ප්‍රේමචන්ද්‍ර (අවු.43) නමැත්තෙකුටය.
2011 වසරේ ජූලි මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී වින්දිත දැරිය අගේ නිවස තුළ දී බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීම චූදිතට එරෙහිව තිබූ චෝදනාවයි.සිද්ධිය වූ දින වින්දිත දැරිය ඇගේ මව සමග මිත්තණියගේ නිවසට ගොස් ඇති බවත්, එහිදී වින්දිත දැරිය මිත්තණියගේ නිවසේ අවශ්‍යතාවකට,
සවලක් රැගෙන ඒම සඳහා මෙම චුදිතයා සමග ගිය අවස්ථාවේ ඔහු මෙම දැරිය බියගන්වා ඇයට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර තිබෙන බව අධිකරණයේදී අනාවරණය විය. මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලද්දේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රුවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විසිනි.
0 Comments