Covid19-inherited-from-Charles-the-Queen-of-Britain

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් අගරැජිණියට කොරෝනා වෛරසය ආසාදනය වූ බව ඊයේ මාලිගය නිවේදනය කළේය. 95 වන වියේහි පසුවන රැජින ඇගේ රාජාභිෂේකයේ ඓතිහාසික ප්ලැටිනම් ජුබිලිය සමරනවාත් සමග කොරෝනා වැළඳීම දෛවෝපගතය.


ඇන්ඩෘ කුමරුගේ නීතිමය ගැටලුව නිසා රාජකීයයන් සඳහා කැළඹිලි සහිත කාලයේම ඇයට මෙම ගැටලු පැනනැගී ඇත.


බකිංහැම් මාලිගය ඉරිදා නිවේදනය කළේ  රැජිණ ඇගේ වැඩිමහල් පුත්‍රයා එනම් චාල්ස් කුමරු සමඟ සෘජුව සම්බන්ධ වීමෙන් පසු “රෝග ලක්ෂණ” අත්විඳින බවයි.
ඇය දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර සුදුසු සියලු මාර්ගෝපදේශ අනුගමනය කරනු ඇත.
රැජිණගේ රෝග විනිශ්චය සිදුවන්නේ වින්ඩ්සර් මාලිගයේ පුද්ගලයින් ගණනාවක් Covid-19 සඳහා ධනාත්මක වීමෙන් පසුවය.

රැජින තුන්වන මාත්‍රා එන්නත් ලබා ඇති බව සඳහන් කර ඇත, නමුත් 2021 ඔක්තෝබර් මැද සිට සෞඛ්‍ය ගැටළු වලට ලක්ව සිටින්නියකි.