මේ ගැන පරීක්ෂණ සිදුකරන පොලිසියට මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය වෙමින් පවතී. නෙදර්ලන්ත ජාතිකයෙකු බව හැගවෙන හැඳුනුම්පතක් ඇය සන්තකයේ තිබී ඇති අතර වැඩිදුර විමර්ශනයේදී හෙළිව ඇත්තේ අන්තර්ජාලය හරහා දැනහඳුනාගත් ශ්‍රී ලාංකික තරුණයෙකු සමග 67 හැවිරිදි වියේ පසුවන ඇය පෙම් සබඳතාවක් පවත්වමින් සිටි බවයි. ඒ අනුව ඇය ලංකාවට පැමිණ මෙම නිවස්නය කුලියට ගෙන 37 හැවිරිදි වියෙහි පසුවූ බව කියන එම තරුණයා සමග කාලයක් ජීවත්ව සිට ඇත.
තරුණයාව දැනගන්නට ඇයට හැකිව ඇත්තේ ටික්ටොක් වීඩියෝ ජාලයේ වීඩියෝවක් තුළින් බවටද තොරතුරු හෙලිව ඇත.
සිංහල ජාතික තරුණයා සමග ප්‍රේම සබදතාවක් පවත්වාගෙන ඔහු සොයා ලංකාවට පැමිණ ඔහු සමඟ නිවසේ රැඳී සිටි බවට අසල්වාසීන් සාක්ෂි දරා ඇති බව පොලිසිය කියයි. මෙම මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.
ඇගේ සිරුර හමුවන අවස්ථාව වනවිට තරුණයා නිවසේ සිට නැති අතර ඔහු ඝාතනයක් සිදු කර පලාගියේද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෘත ශරීරය මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
0 Comments