Even-when-there-is-oil,-it-is-piled-up-and-the-lights-are-turned-off---it-will-go-for-6-hours-tomorrow

පවතින විදුලි අර්බුදය නිර්මාණාත්මක එකක් බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා චෝදනා කරයි. ඔහු අද (25) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ හෙට දිනය වන විට පැය 6 ක පමණ විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවයි.


අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙසේ කීය.
‘විදුලි කප්පාදුව දැන් පැය 5 යි හෙට පැය 6 පනීවි.

ප්‍රධාන හේතුව පිරිපහදුවට තෙල් තිබෙද්දිත් ඒවා බෙදා නොහැරීම. මේ වනවිට බොරතෙල්  මෙට්‍රික් ටොන් 120000 ගොඩ ගහලා තියෙනවා තව නැව් 13 හා 17 එනවා. එහෙම තියෙද්දිත් සම්පූර්ණ ධාරිතාවෙන් පිරිපහදුව ක්‍රියාත්මක කරන් නැහැ. ඉතා පැහැදිලියි මේ අර්බුදය තෙල් සංස්ථාවේ නිර්මාණයක්.
මේ නිසා පිරිපහදුවෙන් සියයට 60 ක් දැවි තෙල් අර්බුදය ඇති කරල තියෙන්න බලාගාරවලට ඉන්ධන අඩුවෙන් ලබාදීම නිසා. යුගදනවි සියයට 50 කට වඩා අවම කරලා. කැලණිස්ස නවත්තලා. සපුගස්කන්දටත් අවම කරලා සියයට 50 කින් දෙන්නෙ.මේ තත්වය නිසයි ඉන්ධන නැතිය කියල බලාගාර නිෂ්පාදනය කඩකප්පල් කරල තියෙන්නෙ. තව නැව් 2 කුත් එනවා. එහෙම තියෙද්දිත් සම්පූර්ණ ධාරිතාවෙන් පිරිපහදුව ක්‍රියාත්මක කරන් නැහැ.‘