ගම්පහ, අස්ගිරිය - වල්පොල මාර්ගයේදී පෙරේදා (05දා) රාත්රියේ සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු හයක දියණිය සහ ඇයගේ පියා ජිවිතක්ෂයට පත්ව ඇතැයි ගහ රථවාහන අංශය සදහන් කරයි.මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, ගම්පහ, උග්ගල්බඩ, ජයන්තිපුර පදිංචිව සිටි දෙදරු පියෙකු වන බාලසූරීය ලේකම්ලාගේ තුසිත
අනුරුද්ධ බාලසූරිය (අවු.4) සහ ගැහැනු දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවාව සිටි බාලසූරිය ලේකම්ලාගේ තෙනුරි දහම්සා (අවු.06) නමැත්තන්ය. කිරිදිවිට දස සිටඋඩුගම්පොළ දෙසට යතුරුපැදියකින් පියා සහ දියණිය ගමන් ගනිමින් සිටියදී විරුද්ධ දිසාවෙන් පැමිණි බවුසරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පරික්ෂණවලදී අනාවරණය විය. මියගිය දෙදෙනාගේ මෘතදේහ ගම්පහ දිස්ත්රික් මහ රෝහලෙහි මෘත ශරීරාගාරයේ තැත්පත් කොට ඇති අතර ඊයේ (06) පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලදී. මෙම අනතුර සම්බන්ධයෙන් බවුසරයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස්
පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිලුම් රත්නායක මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
0 Comments