ඔන්ලයින් අධ්‍යාපනයට දෙමවුපියන් ලබාදුන් ජංගම දුරකථනයේ අසැබි දර්ශන නරඹා 14 හැවිරිදි දැරියක් හත්මසක ගැබිනියක් කළ 15 හැවිරිදි පාසල් සිසුවෙකු පෙරේදා (23දා) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය පවසයි.දැරිය රෝහල්ගත කර ඇති අතර 15 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.
තමන්ට උදරාබාධයක් නිරතුරුවම හට ගත්තා බවට මවට පැවසීමෙන් අනතුරුව දැරියගේ මව විසින් මුල්ලේරියාව රෝහල් වෛද්‍යවරයෙකු වෙත ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරන ලද පරීක්ෂාවේදී එම දැරිය ගැබ්ගෙන ඇති බවට හෙළිවූ බව පොලීසිය අනාවරණය කරයි.ඔවුන් දෙදෙනාම එකම පාසලක 10වැනි සහ 11වැනි වසරවල අධ්‍යාපනය ලබන අතර නවගමුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, සැකකාර සිසුවාගේ දෙමවුපියන් විසින් මිලදී ගත් ජංගම දුරකථනය සිසුවාට මීට මාස කීපයකට ඉහතදී ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදී තිබෙන අතර, එමගින් අන්තර්ජාලය හරහා අසැබ් දසුන් නැරඹීමට පුරුදුව සිටි සිසුවා ද සමග ඒ අයුරින් සිට ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය විය.
දැරියගේ නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථාව බලා එම නිවසට පැමිණ තිබූ සැකකාර සිසුවා ජංගම දුරකථනයෙන් නැරඹු අසැබ් දර්ශන අනුව සැකකාර සිසුවිය සමග ගත කර තිබෙන බවත් පරික්ෂණ වලදී හෙළිවී තිබේ. 15 හැවිරිදි සිසුවා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ )
0 Comments