ඇදවැටී මියගිය 15 හැවිරිදි දරුවාගේ ශරීරයේ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
කෝටිපති ව්‍යාපාරිකයකුගේ එකම පුතු වූ මියගිය රාජා අභිලාෂ් නමැති මෙම සිසුවා සිද්ධිය වූ දිනයේ පාසල් ඇරී නිවාස සංකීර්ණය වෙත එන අයුරු හා ටික වේලාවකට පසු ඉහළ මහළින් පහළට වැටෙන අයුරු සීසීටීවී දර්ශන හමුවී තිබුණි.
සිසුවාගේ නිවාස ඒකකය පිහිටා තිබී ඇත්තේ 5 වන මහළේය.නමුත් ඔහු හිස් අවකාශයක් පැවති උඩම තට්ටුවට ගමන් කරන්නේ හේතුවකින් තොරවය.
පස්වරු 3.00ට පමණ ත්‍රිරෝද රථයකින් ඔහු පාසල් ඇරී නිවසට ආවත් නිවසේ එම අවස්ථාවේ කිසිවෙකු සිට නැති අතර ඔහු අනතුරුව 8 වන මහළ දක්වා තවත් මහළ් 3 ක් ඉහළට ගමන් කර තිබේ.
නිවාස සංකීර්ණය මුදුනට ගොස් ඔහු බිමට වැටෙන අතර ඔහු පැන්නාද නැතිනම් කිසිවෙකු ඔහු තල්ලුකර තිබෙද යන්න ගැන පරීක්ෂණ සිදුවේ.
බම්බලපිටිය පොලීසිය පවසන්නේ නිවාස සංකීර්ණයේ මහල් හතක නිවාස තිබී ඇති බවත් 8 වැන්න හිස්ව තිබී ඇති බවත්ය.ෙ
සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මියගේ නියෝග මත අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රාහුල් හක් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබීයෙ
අදාළ මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදුකෙරිණි
මරණය සිදුවූ දින දරුවා නිවසට පැමිණෙන අවස්ථාවේ මව්පියන් නිවසේ සිට නොමැති වී ඇති අතර දරුවා දුරකථන ඇමතුමක් ගෙන සිය මවට ප්‍රකාශ කර ඇත්තේ එදින පැවැත්වීමට නියමිත උපකාරක පන්ති නොපැවැත්වෙන බවය.
දරුවාගේ මව පවසා ඇත්තේ ඇය වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටින නිසා එම නිවසට පැමිණෙන ලෙසයි.
මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ පදිංචි අයෙකුට කිසිවෙකු වැටෙන ශබ්දයක් ඇසී ඒ පිළිබඳව සොයා බැලීමේදී බිම වැටී සිටි දරුවා හමුල්වරට දැක ඇත.
නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් සිද්ධිය පොලීසියට හා ඔහුගේ පියාට දැනුම් දී සිසුවා කොළඹ ජාතික රෝහලට රැගෙන ගියද අධික ලේවහනය මත සුලු මොහොතකින් මියගොස් ඇති බව පොලීසිය කියයි.
කොළඹ ජාතික රෝහලේදී 30ද සිසුවාගේ සිරුර ඇන්ටිජන් පරික්ෂණය සඳහා යොමු කළ අවස්ථාවේ ඔහු කෝවිඩි ආසාදනයවී ඇති අයුරු හඳුනාගත් අතර පශ්චාත් පරික්ෂණයේදී අයිස් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බව හෙළි විය.
මවුපියන් වෙත සිරුර බාර නොදී භූමදාන කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ. සිද්ධිය ගැන විමර්ශන තවදුරටත් සිදුවේ.
0 Comments