India-win-Under-19-ODI-World-Cup

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම  අද(6) අලුයම සමත් විය.




එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 4ක ජයක් ඉන්දියාව වාර්තා කළේය.
ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පස්වැනි අවස්ථාව මෙයයි.

ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 47.4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරන ලදි.
නිශාන්ට් සින්ධු නොදැවී ලකුණු 50ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රාහී සීමාව කරා රැගෙන ගියේය.