Long-queues-to-collect-fuel-prices

මේ දිනවල පැතිරයන ආරංචි වලින් ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ඇතැයි කියැවේ. මේ නිසාදෝ ඊයේ (14 දා) ඉන්ධන මිලදී ගැනීම සඳහා කොළඹ ඇතුළු සෑම නගරයකම පාහේ දිගු වාහන පෝලිම් නිර්මාණය විය.තෙල් සංස්ථාවේ (සිපෙට්කො) සහ ඉන්දීය තෙල් සමාගමේ (අයි ඕසී) ඉන්ධන හල් අසල ද මෙම තෙල් පෝලිම් තිබිණි.


වරින්වර ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කිරීම නොකර ඉන්ධන මිල සූත‍්‍රයක් කෙටුම්පත් කර මාසිකව නිශ්ඤිත ගණනකින් ඉහළ නැංවීමට හෝ පහළ දැමීමට හැකි පරිදි අණපනත් ගෙනෙන්නට රජය සූදානම් වන අතර
එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


මේ වනවිට තෙල් සංස්ථාව (සිපෙට්කො) විකුණන සෑම ඩිසල් ලීටරයකින්ම රුපියල් 50 ක පාඩුවක් ද සෑම පෙට‍්‍රල් ලීටරයකින්ම රුපියල් 16 ක පාඩුවක් ද සිදුවන බව සභාපති නීතිඥ සුමිත් විජේසිංහ කියයි. එනිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.