Mandating-the-covid-vaccine-is-not-a-violation-of-human-rights--Prof-Prathibha-Mahanamahewa

පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අනුව අප්‍රේල් 30 වැනිදායින් පසු මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලට ඇතුල්වීම සඳහා කොවිඩ් 19 එන්නත් කාඩ් පත අනිවාර්ය කර තිබීම මේ දක්වා එන්නත් ලබා නොගත් හෝ අර්ධ වශයෙන් එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධවූ අයට ගැටලුවක් මතුකර ඇත.
එන්නත ලබා නොගෙන ඇතැමුන් දේශීය වෙදකම් ගැන පමණක් විශ්වාසය තැබූ අතර එසේම ඇතැමුන් ආගමික මතවාද හා ඇතැම් විද්‍යාත්මක නොවන මිත්‍යා අදහස් නිසාද එන්නත් ලබාගෙන නොමැත.



මෙම පරස්පරය නිසා එන්නත් ලබානොගෙන සිටිමට කෙනෙකුට ඇති අයිතිය කඩ වන්නේදැයි සැකයක් මතුව ඇත. නමුත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිදහසේ ගමන් කිරීමට ඇති මූලික අයිතිවාසිකම සැලකීමේදී නව ගැසට් නිවේදනයෙන් එය කඩ නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සහාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය අසීමිත බලයක් නොවන බැවින් එය රජයේ සීමාවන්ට යටත් කළ හැකි බව දන්වා සිටී.
සෞඛ්‍ය හේතුවක් මත එයට සීමා පවතින්නට නීතියෙන් බාධා නැති බවත් ඒ අනුව මහජන සෞඛ්‍ය සීමාව සලකා එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම කළ හැකි බවත් මහානාමහේවා මහතා කියා සිටියේය.



ඒ අනුව එම ගැසට් නිවේදනය හරහා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ නොවන්නක් වන්නාසේම බහුතරයකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නක් ලෙස අධිකරණයේදී අර්ථ දැක්විය හැකි වනු ඇතැයි හෙතෙම විස්තර කළේය