New-US-Ambassador-ready-to-cheer-for-Sri-Lankan-cricket

 ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපති දකුණු කොරියානු සම්භවය සහති ඇමරිකානුවෙකු වන ජූලි චුන්ග් (Julie Chung) ශ්‍රී ලාංකිකයන් අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ සඳහන් කළාය.



‘‘නැවත ලංකාවට පැමිණීමට ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක් බව මුලින්ම කියන්න කැමැතියි. මුලින්ම මා ශ්‍රී ලංකාවේ සංචාරය කළේ අවුරුදු දහයකට පෙරයි. ඒ මතකයන් තදින්ම මගේ සිතේ තැන්පත් වී තිබෙනවා. අද්විතීය ස්වාභාවික සුන්දරත්වය,

ප්‍රණීත ආහාර පාන සහ කුළු බඩු, දුම්රිය හා ත්‍රිරෝද රථ ගමන්, ඒ සියල්ලටත් වඩා ඒ අවස්ථාවේ මට හමු වූ ශ්‍රී ලාංකිකයන්ගේ උණුසුම මට අද මෙන් මතකයි.

තානාපති කාර්ය භාරගැනීම අතිමහත් ගෞරවයක්. එහි අතීත උරුමය, විවිධ සංස්කෘතිය සහ නූතන සංකීර්ණත්වය ඇතුළුව, ඔබේ රට ගැන තව තවත් ඉගෙන ගැනීමට මා ඉතසිතින් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය, ව්‍යාපාරික අංශය සහ තරුණ පිරිස් සමගින් අපි පුද්ගලයන් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේදී තානාපතිනිය වශයෙන් මාගේ වැඩකටයුතු හැඩගැන්වෙනු ඇත්තේ ඇමරිකානු අත්දැකීම්ද සමගිනි.

මම පළමු පරම්පරාවේ ඇමරිකානු ජාතිකයෙක්.

මම වයස අවුරුදු පහේදී මගේ පවුල කොරියාවේ සිට එක්සත් ජනපදයට පැමිණියහ. ඒ නිසා වර්ණ සමක් සහිත කාන්තාවක් වශයෙන් විවිධත්වය සහ අන්‍යයන් ඉවසීම මට ඉතා වැදගත්. මා එළිමහනට බොහෝ කැමැතියි. විනෝද ගමන් යෑමට, පිහිනීමට කැමැතියි.ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දැනගැනීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඔල්වරසන් දීමටත් මං කැමතියි‘