Norwegian-youth-seeks-Sri-Lankan-mother

නෝර්වේ ජාතික යුවළක් නෝර්වේ රටට ගෙන ගොස් දරුකමට හදාගත් ලාංකික තරුණයෙක් ලංකාවේ සිටින තම මව සොයා දෙන්නැයි ඉල්ලා සිටී. මේ වන විට නෝර්වේ යුවතියක සමග විවාහ වී සිටින මෙම තරුණයාගේ වයස අවුරුදු 31ක් බව ඔහු පවසයි. 

තම මව බලංගොඩ රෝහලේ දී උපත ලබා ඇති අතර, දැනට වයස අවුරුදු 49ක් පමණ වේ යයි ඔහු පවසයි. මෙම දරුවා ලැබෙන විට මවට වයස අවුරුදු 19කි. ඇයගේ නම කලුපහනගේ සීතා රංජනී බවත් මෙම තරුණයා සඳහන් කරයි.

දරුවා ලැබීම සඳහා අනුරාධපුර පුලියන්කුලම ග්‍රාමීය රෝහලකට ඇතුළත්ව ඇත. 1991 ජනවාරි 08 වැනිදා එම රෝහලේ දී දරුවා ප්‍රසූත කර ඔහුට සමන් දිසානායක  යන නම ලබා දී ඇති අතර, උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ අනුරාධපුරය, මහකඩවල, කොට්ඨාසය උප්පැන්න රෙජිස්ට්‍රාර්වරයා සඳහන් කර ඇතැයි ඔහු  කියයි. ඇයගේ පියා කලුපහනගේ තෙනේරිස් යන නමයි. මෙම මව දැනට සිටී නම් හෝ කිසියම් විස්තරයක් දන්නා අයකු සිටී නම් 0772114995 (ඇන්ඩෘ සිල්වා) දුරකතනයට දන්වන මෙන් ඉල්ලා සිටියි.