PFIZER-seeks-approval-to-administer-COVID-19-vaccine-to-6-month-olds

එක්සත් ජනපදයේ වයස මාස හයේ පසුවන දරුවන් සදහාද සිය COVID-19 මර්දන එන්නත් මාත්‍රා ලබාදීම සම්බන්ධයෙන් වන අනුමැතිය ඉල්ලමින් PfizerInc. සමාගම එරට ආහාර සහ සෞඛ්‍ය පාලනාධිකාරිය වෙත ලිපියක් යවා ඇතැයි වාර්තා වෙයි.

මෙම එන්නත් නිපදවන Pfizer සහ BioNTech සමාගම් පසුගියදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් තමන් එම ඉල්ලීම කළ බව සඳහන් කර තිබේ. යම් හෙයකින් මේ සදහා අනුමැතියක් හිමිවුවහොත් එරට තුළ වයස මාස 6 සිට අවුරුදු 5ක් දක්වා වන දරුවන් වෙත අනුමත වන පළමු වැනි COVID-19 මර්දන එන්නත් මාත්‍රාව බවට Pfizer එන්නත් මාත්‍රාව පත්වීමට නියමිතව ඇත. මේ අතර අද වනවිට එක්සත් ජනපදය තුළ වයස අවුරුදු 5ට වැඩි දරුවන් සදහාද අනුමත වී ඇති එකම එන්නත වන්නේද මෙම Pfizer එන්නතයි.



එරට තුළ එන්නත්කරණය සදහා අනුමැතිය හිමිව ඇති අනෙකුත් එන්නත් වත Moderna සහ Janssen වයස අවුරුදු 18ට වැඩි පිරිස් සදහා පමණක් සීමා වී තිබේ. මෙලෙස අවුරුදු 5ට වඩා අඩු දරුවන්ට COVID-19 මර්දන එන්නත් විදීම සම්බන්ධයෙන් අදහස් දක්වන Pfizer සමාගම එය හදිසි මහජන සෞඛ්‍ය අවශයතාවක් බව සදහන් කර තිබේ. "මෙතැනදී අපි ඉල්ලුම් පත්‍රය යොමු කරලා තිබෙන්නේ මයික්‍රෝග්‍රෑම් 3ක එන්නත් මාත්‍රා දෙකකටයි. මූලිකව අපි මෙම වයස් කාඩයසදහා එන්නත් මාත්‍රා තුනක් සැලසුම් කර තිබෙනවා."Pfizer සමාගම පවසයි.



කෙසේ වෙතත් මුල් මාත්‍රා දෙකට අමතරව මෙම වයසේ කාණ්ඩයේ දරුවන් සඳහා තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමේ සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල තවමත් බලාපොරොත්තුව සිටින බවත් එම සමාගම වැඩිදුරටත් සදහන් කර තිබේ. " විශේෂයෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එක්සත් ජනපදයේ  වැඩිමනක්ම දරුවන් තුළ ආසාදිතවීම් වාර්තාවීමේ වර්ධනයක් අපි දැක්කා. දැනට සති කිහිපයකට පෙර එක්සත් ජනපදයේ සමස්ත රෝහල් ගතවන COVID-19 රෝගීන්ගෙන් 3.2% ක ප්‍රතිශතයක් වයස අවුරුදු 4ට වඩා අඩු අයයි.” යනුවෙන් Pfizer පවසයි.