මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන "පානදුර සලිඳු" නමැත්තාගේ මත්කුඩු ජාවාරමේ ප්‍රවාහන කටයුතු පානදුර කේතුමතී කාන්තා රෝහලට අයත් ගිලන් රථයකින් සිදුකිරීම සම්බන්ධයෙන් එම රෝහලේ ගිලන් රථ සහායකයකු ද අත්අඩංගුවට ගත් බව පොලිසියේ උසස් නිලධාරියෙක් කීවේය.
සැකකාර ගිලන්රථ සහායකයාට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහාය දැක්වීම වෙනුවෙන් වරින්වර මුදල් ලබා දී ඇතැයි ද අනාවරණය වූ බව පොලිසිය කියයි. ඉකුත් 27 වැනි දින පරික්ෂණ කටයුත්තක් සඳහා ගැබිනි කාන්තාවක රැගෙන කේතුමතී කාන්තා රෝහලේ සිට පානදුර මූලික රෝහල කරා පැමිණි අවස්ථාවේ දී යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිවු දෙනකුගෙන් දෙදෙනකු ගිනි අවි රැගෙන බැස එක් අයකු ගිලන් රථ රියැදුරා අසලට පැමිණ වෙඩි තැබූව ද ගිනි අවිය අක්‍රිය වීම හේතුවෙන් වෙඩි ප්‍රහාරය එල්ල නොවිණි.එකී සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ගිලන් රථ රියදුරා පානදුර සදුලි නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන චරිතයක් වී පොලිසියට ඔත්තු ලබාදීම මෙම වෙඩි ප්‍රහාරයට හේතු වී තිබූ බව පොලිසිය කියයි. ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස පැමිණිලිකාර ගිලන් රථ රියැදුරා ඉකුත් තුන්වැනි දින කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන දින 7 ක කාලයක් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්නකිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර ගිලන් රථ සහායකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන සැකකාර ගිලන් රථ රියදුරු පානදුර සලිදු නමැත්තාගේ හෙරොයින් මත්කුඩු ජාවාරම වසර දෙකක පමණ කාලයක සිට සිදුකර ඇති බවත් මීට අමතරව තණමල්විල සිට ගංජා ද ප්‍රවාහනය කර ඇති බවත් මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව උසස් පොලිස් නිලධාරියා කීය. මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රවාහන කටයුතු ගිලන් රථයෙන් සිදුකිරීම වෙනුවෙන් පානදුර සලිදු නැමැති මත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ගිලන්රථ රියැදුරාට විවිධ අවස්ථාවල මුදල් ලබා දීමට අමතරව රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝපභෝගී නිවසක් ද තනා දී ඇති බවට රාවයක් පවතින මුත්
ඒ පිළිබඳ සොයා බලන බව උසස් පොලිස් නිලධාරියා පැවසීය.
කොරෝනා වසංගතය උත්සන්න කාලයේ දී සැකකාර ගිලන්රථ රියැදුරු මත්කුඩු ප්‍රවාහන කටයුතු ජයටම කර ඇති බවට වැදගත් තොරතුරු රැසක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වෙමින් පවතින බවත් උසස් පොලිස් නිලධාරියා කීය. අත්අඩංගුවට ගත් ගිලන් රථ සහායකයාට අමතරව තවත් සුළු සේවකයන් කිහිපදෙනකු මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රවාහන කටයුතු සඳහා සම්බන්ධ වී ඇති බවට පැහැදිලි තොරතුරු ලැබෙමින් ඇති බවත් ඔවුන් ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. සැකකාර ගිලන් රථ සහායකයා පානදුර අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
0 Comments