ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් යුක්රේනයේ ගැටුම ගැන කතා කරමින්, "යුද්ධය දිගු කලක් පවතිනු ඇති“ බවට අදහස් පළ කර ඇති අතර යුරෝපයට දිගුකාලීන ප්‍රතිවිපාක සඳහා සූදානම් වන ලෙස ඉල්ලා සිටියේය. ඔහු අදාළ ප්‍රකාශය කළේ අද (26) සෙනසුරාදා බටහිර පැරිසියේ Porte de Versailles මධ්‍යස්ථානයේ විවෘත කළ කෘෂිකාර්මික ප්‍රදර්ශනය නැරඹීමට ගිය අවස්ථාවේදීය.
"මෙම අර්බුදය දිගු වනු ඇත. මෙම යුද්ධයත් දිගු වනු ඇත. ඒ හා බැඳුනු සියලු අර්බුද ද දිගටම පවතිනු ඇත. එබැවින්, අපි සූදානම් විය යුතුය," ඔහු ප්‍රාන්තයේ කෘෂිකාර්මික කර්මාන්තයේ නියෝජිතයින්ට පැවසීය.
"යුද්ධය යුරෝපයට නැවත පැමිණ ඇත. අපි සාමය ගොඩනඟා එය ආරක්ෂා කිරීමට උත්සාහ දරද්දී පුටින් එය විනාශ කරා. මෙම යුද්ධය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඒකපාර්ශ්වික තේරීමක් . අපි සාමය ගොඩනඟා එය ආරක්ෂා කිරීමට උත්සාහ කළ යුතුයි, අවශ්‍ය පියවර ගත යුතුයි, රුසියාවට එරෙහි සම්බාධක ක්‍රියාත්මක කර මෙම සටන දිගටම කරගෙන යා යුතුයි,ඔහු පැවසීය.
ප්‍රංශ නායකයා සඳහන් කළේ, ප්‍රථමයෙන්ම, ප්‍රතිවිපාක ප්‍රංශ භාණ්ඩ අපනයනයට බලපානු ඇති බවත් එය ආහාර හා කෘෂිකාර්මික කර්මාන්තවල විශාල ව්‍යවසායන්ට බලපානු ඇති බවත්ය.
යුද්ධය නිසා ආසන්න ඉදිරි කාලයේ ලෝහ කර්මාන්තයේ සහ සැපයුම් අංශයේ ඇති විය හැකි ගැටලු මෙන්ම විදුලි මිල ඉහළ යාම ද ඔහු සඳහන් කළේය.
"අපි දැන් අපේ ආර්ථිකයේ අංශ සුරක්ෂිත කිරීම සඳහා ප්‍රතිරෝධී සැලැස්මක් නිර්මාණය කරමින් සිටිමු" යනුවෙන් මැක්රොන් වැඩිදුරටත් පැවසීය.
0 Comments