කැමිලා යනු කෝන්වෝල්හි ආදිපාදවරිය වන අතර රැජිනගේ පුත් චාල්ස් කුමරුගේ දෙවන බිරිඳයි. ඩයනා කුමරියගේ මරණයෙන් පසු චාල්ස් කුමරු කැමිලා සමඟ විවාහ විය. චාල්ස් කුමරු රජ කරවීමේ පෙර සැලසුමට අනුව කැමිලාගේ තනතුර කුමරිය නැතිනම් බිසව ලෙස පැවතීම සිදුවුවත් මීට වසර 5කට පෙර චාල්ස් කුමරු සිය අනාගත රාජාභිෂේක දිවුරුමේ දී කැමිලාට කුමරියක නොව රැජිනකැයි කීමට එලිසබෙත් රැජිනගෙන් අවසර ඉල්ලා සිටියේය. එලිසබෙත් රැජින එයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව ඉදිරි රාජාභිෂේක උත්සවයේදී කැමිලාට පැළඳ සිටින්නට සිදුවන්නේ මෙතෙක් එළිසබෙත් රැජින පැළඳ සිටි කොහිනූර් දියමන්තිය ඔබ්බවා තිබූ මිල කළ නොහැකි ඔටුන්නයි. ප්ලැටිනම් සහ කොහිනූර් දියමන්ති වලින් ඔබ්බවන ලද මෙම ඔටුන්න 1937 දී ජෝර්ජ් රජුගේ රාජාභිෂේකය සඳහා සාදන ලද්දකි.
මේ අතර රැජිණගේ කතාවත් සමග අසුබ නිමිත්තක් ගැන පුරාවෘත්තයක් බ්‍රිතාන්‍ය මාධ්‍ය තුළ රැව් පිළිරැව් දෙන්නට පටන්ගෙන තිබේ.
කොහිනූර් දියමන්තියේ ඉතිහාසයට අදාළ එම කතාව මෙසේය.
කොහිනූර්හි ඉතිහාසය බොහෝ දුරට අනුමාන මත ගොතන ලද ඒවාය. ඉන්දීය සීක් රජු ‘රන්ජිත් සිං‘ එය බ්‍රිතාන්‍යයන්ට තෑගි කළ බව විශ්වාස කෙරේ, නමුත් ඉතිහාසඥයින් පවසන්නේ මෙම දියමන්තිය බ්‍රිතාන්‍යයන් වෙත ළඟා වීමට පෙර ‘රංජිත් සිං‘ මිය ගොස් ඇති බවයි. ඔහුට සත්‍ය ලෙසම මෙම තෑග්ග දෙන්නට බැරිව ගියේය.
රාජ්‍යත්වය භංගවීම හා දියමන්තිය අතර සම්බන්ධයක් තිබූ බවට මිත්‍යා කතා තිබේ.
මහාරාජා රංජිත් සිං මෙම දියමන්තිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති එකක් වන අතර එය රහසක් ලෙස තබාගෙන තිබුණි. මෙම දියමන්තිය ඇෆ්ගනිස්ථානයේ එමීර්වරයා වන ෂා ෂුජා දුරරානි විසින් තමාට තෑගි කළ බව රංජිත් ලොවට ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත්, ෂා ෂුජා සිය ස්වයං චරිතාපදානයේ ලියා ඇත්තේ රංජිත් සිං තම පුතාට වධ හිංසා පමුණුවා කළ බලහත්කාරය නිසා දියමන්තිය භාර දීමට ඔහුට සිදු වූ බවය. මීට පෙර මෙම දියමන්තිය පර්සියාවේ නදීර් ෂා රජුගෙන් ඇෆ්ගන් ප්‍රහාරක අහමඩ් ෂා අබ්දාලි විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද්දකි.
එසේම නදීර් ෂා කොහිනූර් මෝගල් රජු වන මුහම්මද් ෂා රංගීලාගෙන් අත්පත් කර ගත්තේය. එනම් මෙම දියමන්තියේ ඉතිහාසය ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ඉරානය දක්වා විහිදේ. කොහිනූර් දියමන්තිය සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ මතභේද පවතී. ඉන්දියාවට අමතරව පාකිස්ථානය ද මේ සම්බන්ධයෙන් සිය අයිතිය ප්‍රකාශ කර ඇත.
මෙම දියමන්තිය හා සම්බන්ධ බොහෝ මිථ්‍යාවන් කොහිනූර් පිළිබඳවද බොහෝ මිථ්‍යාවන් පැතිරී ඇත. මෙම දියමන්තිය අසුබ ගෙන දෙන බව පැවසේ. මිනිසෙකු එය පැළඳුවහොත්, සියල්ල විනාශ වේ. මහාරාජා රංජිත් සිං එය පැළඳ සිටින විට ඔහුගේ අධිරාජ්‍යය විනාශ විය. කිසිදා හිරු බැස නොගිය බ්‍රිතාන්‍ය පාලනයේ මෙම දියමන්තිය වෙත ළඟා වූ පසු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පිරිහෙමින් ගියේය.අද වනවිට යටත් විජිත ඇත්තේ ස්වල්පයකි.
දෙවන එලිසබෙත් රැජිණ මෙම දියමන්ති ඔටුන්න කැමිලාට පවරන්නට යන්නේ මෙම කතා සියල්ල මැදයි.
ඇතැමුන් විශ්වාස කරන්නේ මෙම රාජ පරම්පරාවේ අපකීර්තිය කොහිනූර් දියමන්ති ඔටුන්න සමග මතුවනු ඇති බවයි.
(බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා ඇසුරිනි - Gossiplankanews.com)
0 Comments