ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, බ්‍රිතාන්‍යය, කැනඩාව, එක්සත් ජනපදය මෙන්ම අලුතින් යුරෝපීය කොමිසමේ නායකයින්, රුසියාවේ ක්‍රියාත්මක බැංකු
SWIFT ගෙවීම් පද්ධතියෙන් විසන්ධි කිරීම සිදු කර තිබේ.
අන් රටවලට අනවශ්‍ය අතපෙවීමේ දඩුවමක් ලෙස පනවන සම්බාධකවලින් එකක් ලෙස එය ක්‍රියාත්මක කර ඇත.
ධනවත් රුසියානුවන්ට "රන් ගමන් බලපත්‍ර" විකිණීම තහනම් කිරීමද ඇතුළු තවත් බලවත් නව ආර්ථික සම්බාධක මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත.
යුරෝපීය කොමිසමේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක මෙය සඳහන් වේ,
"රුසියානු හමුදා Kyiv සහ අනෙකුත් යුක්රේන නගරවලට ඔවුන්ගේ ප්‍රහාර දියත් කරන විට, රුසියාව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් සහ අපගේ ආර්ථිකයන්ගෙන් තවදුරටත් හුදකලා කර අධික වියදම් රුසියාව මත පැටවීමට අපි අදිටන් කරගෙන සිටිමු. ඉදිරි දිනවලදී අපි මෙම පියවර ක්‍රියාත්මක කරන්නෙමු."
සමහර රුසියානු බැංකු SWIFT පණිවිඩ පද්ධතියෙන් බැහැර කිරීම මගින් මෙම බැංකු ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් විසන්ධි වන්නාසේම ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වීමට ඇති හැකියාවට හානි කරයි.
සම්බාධකවල බලපෑම අනුව රුසියානු මහ බැංකුවට එහි ජාත්‍යන්තර සංචිත භාවිතා කිරීමට ඉඩ නොදෙන සීමාකාරී ක්‍රියාමාර්ග ගන්නට සිදුවේ.
- සම්බාධකවලට යටත්ව සිටින අයගේ සහ ඔවුන්ගේ අධිකරණ බල ප්‍රදේශය තුළ ඇති සමාගම්වල වත්කම් හඳුනාගෙන ඒවා කැටි කිරීම මගින් මූල්‍ය සම්බාධක ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අත්ලාන්තික් සාගරයේ කාර්ය සාධක බලකායක් මේ සතියේ පිහිටුවන්නටද නියමිතය.
"මෙම අඳුරු පැයේදී අපි යුක්රේන ජනතාවට සහාය දෙමු. අද අපි ප්‍රකාශයට පත් කරන ක්‍රියාමාර්ගවලට අමතරව, යුක්රේනයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව යුක්තිය ඉදිරියට ගෙන ඒම සඳහා අමතර ක්‍රියාමාර්ග ගැනීමට අපි සූදානම් ," ප්‍රකාශයේ සඳහන් වේ.
(ප්රවුදා පුවත් ඇසුරිනි- Gossiplankanews.com)
0 Comments