ගඩොල් පෝරණුවක් අසල ගඩොල් ගොඩක් මතට වැටී තුවාල සිදු වී ඇති බව පවසමින් රෝහල්ගත කොට මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගිය 48 හැවිරිදි එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ පුතා අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලීසිය පවසයි.
16 හැවිරිදි ගැටවරයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.වැල්ලවාය, බොරලුකන්ද ප්රදේශයේ පදිංචි ආර්.එම් ජයසුන්දර (48) මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි. මොහු ඉකුත් (30දා) ගඩොල් පෝරණුවක් අසල වැටී සිටියදී අසල්වාසීන් සහ ඔහුගේ පුතා විසින් තුවාලකරු හඳපානාගල ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. පසුව වැල්ලවාය මූලික රෝහලට මාරු කොට වැඩිදුර ප්රතිකාර සඳහා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට යොමු කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි.සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ වැල්ලවාය පොලීසිය මියගිය අයගේ පුතාගෙන් ප්රශ්න කිරිමේදී ඔහු විසින් සිය පියාගේ හිසට ගඩොල් භාගයකින් පහරදුන් බවට පිළිගෙන ඇත.
මෙම පියා ඉකුත් 30දා වත් වගා කර තිබූ උදු ගැලවීමට ගොස් ඇත. එසේ ගොස් ඇත් පුතාටත් උඳු ගැලවීමට පැමිණි ලෙස දන්වමිනි. නමුත් ඒ සඳහා පුතා ගොස් නොමැති අතර ටික වේලාවකින් නිවසට පැමිණි පියා උඳු ගැලවීමට නොපැමිණීම සම්බන්ධයෙන් පුතාට බැණ වැදී අතේ තිබූ තියුණු ආයුධයෙන් පුතාට කොටා ඇත. ඉන් ඔහුගේ වම් අතේ ඇගිලි දෙකකට තුවාල සිදු වී තිබේ. පසුව පුතා අසල ගඩොල් පෝරණුවක තිබූ ගඩොල් කැටයකින් පියාගේ හිසට පහර දී ඇති බවට ඔහු විසින් පොලීසියට කළ පාපොච්චාරණයේ සඳහන් වේ. වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී.එම් රත්නායක මහතා ඇතුළු එහි නිලධාරි පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
0 Comments