
පවතින විදුලි කප්පාදුව හේතුවෙන් බූස්ටර් එන්නත්මාත්‍රාව ලබාදීම සඳහා ගෙන්වා ඇති ෆයිසර් එන්නත්වල සැර බාල වන බව කොවිඩ් එන්නත් වල ගුණාත්මක තත්ත්වයට හානියක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.
රටපුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල එන්නත් ගබඩා කර ඇති ශිතකරණ විදුලිය කප්පාදු කිරීම නිසා අකිය වන අතර ඒ ස්ථාන රැසකට විදුලිය උත්පාදන යන්ත්‍ර නොමැති බව ඔහු පවසා තිබේ.
ජෙනරේටර තිබුණත් දැඩි තෙල් අර්බුදය නිසා ශීතකරණ පණගන්වා තිබීම ගැටලුකාරී බවත් විදුලිය කප්පාදුව හේතුවෙන් කොවිඩ් එන්නත් වලට කිසියම් හානියක් සිදු විය හැකි බවට විශ්වාස කරන බවත් ඔහු පවසා තිබේ.
විශේෂයෙන්ම ෆයිසර් වැනි එන්නත් ගබඩා කර තැබිය යුත්තේ සෘණ උෂ්ණත්වයක් තුල වුවද විදුලිය කප්පාදු කරනු ලබන කාලය තුළදී එම එන්නත් වලට හානි සිදු වීමට ඇති ඉඩකඩ වැඩි බවට පෙන්වාදී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval