The-father-who-brought-Daughters-boyfriend-home-and-attacks-him-in-an-organized-manner

තම දියණියට පෙම්වතෙකු සිටින බව දැනගත් පියෙකු පෙම්වතා ගැන රහසේ සොයා බලා ඔහු පවුලට ගැළපෙන්නේ නැතැයි නිගමනය කර තිබෙන අතර ඒ බව සිය දියණියට දැන්නුවොත් ඇය කලබල කරනු ඇතැයි සිතා ඇයට කිසිවක් පවසා නැත. ඒ වෙනුවට පියා සිදුකර ඇත්තේ පෙම්වතා ගැන ධනාත්මක ලෙස කථා කිරීමය. ඔහුගේ විස්තර දියණියගෙන් හොඳින් අසාගත් පියා ආ දුවේ ඒ පුතාට අපි මෙහේ එන්න දවසක් දෙමු. එයා එක්ක අනාගතයේ විවාහ වෙන්න නම් අපි දැනගෙන ඉන්න එපැයි. ඒ හින්දා එයාට දවසක එන්න කියන්න...... කලින් දන්වල එන එක තමා හොඳ... යයි පවසා තිබේ. පියාගේ ධනාත්මක අදහස් ගැන දියණිය අතිශය සතුටට පත්ව ඇති අතර ඒ බව පෙම්වතාටද දන්වා ඇත.

ඒ අනුව පෙම්වතාට දුරකථනයෙන්ද අමතා ඇති පියා දුවගේ හා පෙම්වතාගේ අනාගතය ගැන කතා කරගන්නට එන්නැයි දිනයක්  වේලාවක්ද දන්වා ඇත.



ඒ අනුව මෙම තරුණයාට පෙරේදා (20 වැනිදා) අරංගල ප්‍රදේශයේ පිහිටි තරුණියගේ නිවසට එන්නැයි දන්වා තිබේ.
ඔහු නිවසට එන්නට පෙරාතුව කල් ඇතිව මැර කණ්ඩායමක් සූදානම් කර ඇති පියා දියණියගෙන්ද ඒ බව සගවා ඇති අතර පෙම්වතා සුහදව පිළිගන්නට සියලු කටයුතු සූදානම් කර ඇති අයුරක් හඟවා ඇත.නමුත් ආදර කතාවක් ගැන විවාහයක් ගැන හා අනාගතයක් ගැන කරුණු සූදානම් කරගෙන පෙම්වතියගේ පියා සමග කතාකරන්නට ගිය 21 හැවිරිදි පෙම්වතාට සිදුවූයේ අකරතැබ්බයකි.
ඔහු නිවසට ආ විගස නිවසේ දොරවල් වසා දියණියටද වෙනත් තැනකට යන්න කියූ පියා පෙම්වතාට පහරදීමට පටන්ගෙන තිබේ. ‘උඹ එනකං තමයි මං බලං හිටියෙ මීට පස්සෙ අපේ දූ එක්ක සම්බන්ධයක් තියාගත්තොත් බලාගන්න පුලුවන්..‘ කියමින් එහිදී පෙම්වතියගේ පියා තවත් පිරිසක් ද සමග එක්ව මෙම තරුණයා අල්ලා ගෙන පහරදී ඇත. පසුව වාර්තාවූයේ තරුණයාව ස්ථාන


තුනකට රැගෙන ගොස් පහර දී තිබෙන බවය. මෙම පහරදීමෙන් තරුණයාගේ හකු ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇත.
පහරකෑමට ලක් වූ පෙම්වතා බරපතළ තුවාල ලබා පෙරේදා (20 වැනිදා) හෝමාගම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. එම තරුණයා වසර හයක පමණ සිට අරංගල ප්‍රදේශයේ මෙම තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාව පවත්වා ඇති බවත් නිවැසියන් දැනගත්තේ මෑතක බවත් පවසා තිබේ.

ඔහුට පහර දෙන අයුරු එම ස්ථානයේ පිහිටි නිවාස කිහිපයක සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී ඇති අතර, එම වීඩියෝ දර්ශන තරුණයාගේ පාර්ශ්වය විසින් මාලඹේ පොලිසියට ලබා දී තිබේ. මාලඹේ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.