The-foreign-girl-who-went-on-the-Kandyan-Menike-train-collides-with-the-Bing-house

මීට සති දෙකකට පමණ පෙර උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අසල 31/32 දුම්රිය උමග අසලදී උඩරට මැණිකේ දුම්රියෙන් බිමට ඇද වැටුනු ප‍්‍රංශ ජාතික යුවළක් බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබූ අතර ඒ ගැන මාධ්‍ය වාර්තා පළ විය.



කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනයවෙමින් තිබූ උඩරට මැණිකේ මෙම දුම්රිය ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අසල 31/32 දුම්රිය උමග අසලට පැමිණෙනවාත් සමග දුම්රිය පාපුවරුවේ සිටි ප‍්‍රංශ ජාතික කාන්තාව දුම්රියෙන් ඇද වැටී ඇත්තේ නොසැලකිල්ලෙන් පාපුවරුවේ සිටියදී බිංගෙයිහි ගැට්ට ඇගේ හිසේ වැදීමෙනි.
පසුව ඇය බේරා ගැනීම සඳහා ඇගේ ස්වාමි පුරුෂයාද දුම්රියෙන් බිමට පැනීම නිසා ඔහුද තුවාල ලබා තිබුණි.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ දුම්රියේ ගමන් කළ කාන්තාවක මොවුන්ගේ අනාරක්ෂිත හැසිරීම විඩියෝ ලත කර තිබූ අතර ඇය මෙම සිද්ධියට අදාළ වීඩියෝව මාධය වෙත යොමු කර තිබුනේ අනෙත් අයගේ අවධානය පිණිසය.


මෙවැනි අනතුරුදායක හැසිරීම් විපත් පමුණුවන බැව් එම වීඩියෝවෙන් මොනවට පැහැදිලි වේ.
 දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ යුවළ පසුව කොළඹ රෝහලකට මාරුවූ අතර අනතුරුව ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබුණි.

තරුණිය බිම්ගෙයි ගැටෙනදර්ශන ඇතුළත් වීඩියෝව පහතින්