අනාරක්ෂිත ළිඳකට වැටී පෙරේදා (07දා) සවස මාවනැල්ල, වෑගන්තලේ ප්‍රදේශයේ වයස තුනහමාරක දරුවෙකු පිවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය වූ දින මෙම දරුවා, ඔහුගේ මව හා මවගේ නව ිවවාහයේ පුරුෂයා එනම් බාප්පා සමග වත්ත පහළ ගොස් ඇති බවත්, බාප්පා පුවක් කඩමින් සිටියදී දරුවා නිවසට දෙසට දිවගොස් ඇති බවත්, දරුවා වැඩිවේලාවක් නොපෙනුණ නිසා සොයා බැලීමේදී ළිදට වැටී සිටිනු දැක ඇති බවත් පැවසේ.
දරුවා ගොඩගන්නා විටත් ජලය පෙවී මියගොස් තිබුණි.
අසල්වාසීන් දේහය ගොඩගෙන මාවනැල්ල රෝහල වෙත ගෙන ගියත් ඒ වනවිටත් මියගොසිනි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ. මාවනැල්ල, වෑගන්තලේ අංක එච්, 39 ලිපිනයේ පදිංචිව සිටි එන්.ඩි. අගිත අනුසර (අවු. 31/2) නම් කුඩා දරුවෙකි.
වයස අවුරුදු 8ක වැඩිමහල් සොහොයුරියකද මෙම දරුවාට සිටින අතර , නීතියෙන් වෙන්වී සිටින මව වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති අතර, ඇයට මාස 07ක දියණියක්ද සිටින බවද පරික්ෂණවලදී අනාවරණය විය.
මෙම දරුවන් ගැන සැලකිල්ල මව හා මවගේ නව සැමියාට අවම වීම මෙම අනතුරට මුල්ව ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය විය. ඉළුගොඩ පදිංචි මිත්තනිය විසින් දරුවන් හදා වඩාගෙන පාසල් යවන අතර මව නව විවාහක සැමියා සමග වෙනම පදිංචිව සිටි බව කියැවේ.
මිය ගිය දරුවාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයඊයේ (08දා) සවස කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය තරංග බණ්ඩාර නායකරත්න මහතා විසින් සිදුකරන ලදී.සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
0 Comments