වත්තේගම මඩවල ප්‍රදේශයේදී නිවසක් පිටුපස පස් කන්ද කඩාවැටී ඇත්තේ අද පස්වරුවේ එම නිවස පිටුපස ඉදිකිරීම් කටයුත්තක් සඳහා පදනම් (ෆවුන්ඩේෂන්) වළක් කපමින් සිටියදී බව කියැවේ.
එහිදී ඒ ආසන්නයේ තිබූ අඩි 12ක් පමණ උසැති පස් කන්දක් එම ස්ථානයේ සිටි සේවකයින් සිව්දෙනෙකු මතට කඩා වැටී තිබේ.
මෙහිදී තුවාලකරුවන් රෝහල් ගතකර ඇති අතර ඉන් තිදෙනෙකු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තවත් අයෙකු මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මඩවල ප්‍රදේශයේ ගුන්නෑපාන ග්‍රාම නිලධාරි වසමේ පීල්ලවගුර ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක් අසළ බැම්මක් ඉදිකිරීම සදහා බේස් වල කපමින් සිටියදී ඊට ඉහළින් තිබූ පස් කන්ද කඩා වැටුණ සැණින් එම ස්ථානයේ වැඩ කරමින් සිටි හතර දෙනෙකු පස් කන්දට යටව තිබුණි.
වහා ක්‍රියාත්මක වූ පොලීසිය හා ප්‍රදේශවාසීන් එම පුද්ගලයන් සිව් දෙනා ගොඩගෙන කටුගස්තොට රෝහලට ඇතුළත් කර ගත් නමුත් දිවි බේරා ගත්තේ එක් අයෙකු පමනි . ඔහුද අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු තිදෙනාගේ මළ සිරුරු කටුගස්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙයි.
0 Comments