යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා දීමට යුරෝපා සංගමයේ පක්ෂ නායකයින් සිටින රටවල් සමඟ ස්ලෝවේනියාව එකතු වී ඇත.
පෝලන්ත අග්රාමාත්යවරයා මුලින්ම මෙම යෝජනාව ගෙන ආ අතර ඔහු හා එක්ව ප්රකාශ කරන ලද්දේ ස්ලෝවේනියාවේ අගමැති Janez Janša විසිනි.
"ඉක්මන් සහ නිර්භීත තීරණ" ගන්නා ලෙස ඔවුන් යුරෝපීය කවුන්සිලයෙන් ඉල්ලා සිටි අතර, රුසියාවේ ආක්රමණශීලීත්වය සම්බන්ධයෙන් දැඩි සම්බාධක පැනවීමට වඩා යුරෝපා සංගමය "බොහෝ දුර" යාම වැදගත් බව අවධාරණය කර තිබේ.
"යුරෝපා සංගමය ප්රසාරණය නොවන්නේ නම්, වෙනත් කෙනෙකු මෙය සිදු කරනු ඇත.. 2030 වන විට යුක්රේනය යුරෝපා සංගමයට සීඝ්රයෙන් ඒකාබද්ධ වීම සඳහා අභිලාෂකාමී සහ සංයුක්ත සැලැස්මක් අප විසින් සකස් කළ යුතුය," අගමැතිවරු යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති චාල්ස් මිෂෙල් වෙත ලිපියක් යවමින් කියා සිටියහ. අනෙකුත් සියලුම EU සාමාජික රටවලටද මේ ගැන පිටපත් යවන ලදී.
යුක්රේනයට එරෙහි රුසියාවේ පූර්න පරිමාන යුද්ධයට පෙර දින මෙම ලිපිය යවා ඇත.
මෙලෙස යුක්රේනය යුරෝපා සංගමයේ රටක් බවට පත්වීම මගින් රුසියාවට ආර්ථික වශයෙන් බලපෑම් කළ නොහැකිවන්නා සේම යුදමය වශයෙන් රුසියාව ගැටලුකාරී තත්වයකට මුහුණපාන බව විශ්ලේෂකයේ පෙන්වා දෙති.
(ප්රවුදා පුවත් ඇසුරිනි - Gossiplankanews.com)
0 Comments