We-are-not-trapped-in-a-debt-trap-in-China---Bangladesh

බංග්ලාදේශය අදවන විට චීනය ණය උගුලක සිරවී සිටින බවට එල්ල වන අදහස් ප්‍රතික්ෂේප කරන බව එරට විදේශ කටයුතු පිළිබද ඇමති අබ්දුල් මොමෙන් පවසයි. පසුගියදා ඩකා අගනුවරදී පැවැති හමුවකදී ඔහු මේ බව පවසා තිබේ. මේ දක්වා චීනය මගින් බංගලාදේශය වෙත ලබාදී ඇති ණය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම අදහස් දැක්වීම් ද සිදුකරන බව පෙන්වා දී ඇති ඇමතිවරයා,

එම ණය රටෙහි විදේශ ණය අතරින් ඉතාමත් සුළු කොටසක් පමණක් බවද මෙහිදී සදභන් කර ඇත. "රටක දළ ජාතික නිෂ්පාදිතය සහ ණයබරතාවයේ අනුපාතය අනුව අපි බැලුවොත්, මොනයම් ආකාරයක හෝ ණය උගුලකට හසුවෙනවා කියන්නේ ණය 40%කට වඩා පැවතීමයි. ඒත් බංග්ලාදේශය සතුව පවතින සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් 15%ත් I6%ත් අතර ප්‍රතිශතයක්.” ඔහු පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට බංගලාදේශය විසින් අද වනවිට ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක්ද ණය ලබාගෙන තිබේ. "අපි මේ විදේශ ප්‍රභවයන්ගෙන් ලබාගෙන තිබෙන ණය අතරින් ගත්තහම චීනයන් ලබාගෙන තිබෙන්නේ 5%කටත් වඩා අඩු ණය ප්‍රතිශතයක්."ඒ අනුව ඇතැම් රටවලට බංග්ලාදේශයේ භූදේශපාලනික සුවිශේෂිතාව පිළිබදව ගැටලුවක් පවතින බවත්, ඒ හේතුවෙන් විවිධ අදහස් මතු කරමින් බංග්ලාදේශ ආර්ථිකය වෙත පීඩනයක් එල්ල කිරීමට කටයුතු යොදන බවත් විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.-