Will-Ranjan-be-released-tomorrow-Lets-welcome-the-crowd

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (4) ජාතික නිදහස් දිනයේදී නිදහස් කරන බවට ස්ථිර කර ෆේස් බුක් ඔස්සේ පෝස්ටු පළව තිබේ.




මෙම නිදහස් කිරීම ගැන බන්ධනාගාර ආරංචි තහවුරු කර නැති නමුත් රන්ජන් රාමනායකගේ ගෝලයන් යාවත්කාල කරන ඔහුගේ නිල ෆේස්බුක් පිටුව මගින් ඔහු හෙට (4) නිදහස් කරන බවට ස්ථිර කර පෝස්ටු පළ කර ඇති අතර උදේ 11 ට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට ඔහුව පිළිගන්නට පිරිස් කැඳවා ආරාධනාවක්ද කර තිබේ.
අද (3) දිනයේ බන්ධනාගාරය වෙත ගමන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා මන්ත්‍රී කවිංග ජයවර්ධනද මේ ගැන කතා කළ අතර කාවිංග ෆේස් බුක් ලයිව් එමින් අද උදේ දන්වා සිටියේ රන්ජන් හෙට නිදහස් කරන බවට දැඩි විශ්වාසයක් තමන්ට ඇති බවයි. හෙට දිනයේ 2000 කට ආසන්න ගණනක සිරකරුවන් ජනපති සමාව යටතේ නිදහස් කරනු ඇති බවද ඔහු හෙළි කළේය.
රන්ජන් නිදහස් කිරීම වෙනුවෙන් පසුගිය කාලයේ විවිධ කලා සංවිධාන සක්‍රීයව සටන් කළ අතර මීට සතියකට පෙර ජනපතිට සමීප ඇවන්ඩ්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති හමුවී ජනපතිට යවන්නට සංදේශයක්ද ඔවුන් භාරදී මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි.