ඊයේ (10) රාත්‍රියේ මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ නිවසක සැගව සිටි අපරාධකරුවෙකුවූ දුලාන් සමීර සම්පත් නොහොත් ‘අබ්බා‘ නමැත්තා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ වෙඩි හමුවමාරුවකදී මියගිය බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අබ්බා දැනට ඩුබායි හි සැගව සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පානදුරේ සළිඳු නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන අතර එරට සිට එවන මත්කුඩු මෙරට තුළ බෙදා හැරීම සිදුකළ තැනැත්තා බව කියැවේ.
මොරටුවේ සිදුකළ විශේෂ මෙහෙයුම අතරතුර සැකකරු තබන වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු තුවාලවී මේ වන විට ප්‍රතිකාර සදහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.
අවුරුදු 27ක් වන මොරටුව , මෝදර ප්‍රදේශයේ පදිංචි දුලාන් සමීර සම්පත් නොහොත් ‘අබ්බා‘ ට එරෙහිව මිනීමැරුම් නඩුවක් මෙන්ම කාන්තාවක් තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදුකිරීමේ නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පවතියි.
මෙම මෙහෙයුමේදී සැකකටයුතු තවත් පුද්ගලයින් 06 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකටයුතු පුද්ගලයින්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී එක් පුද්ලයෙකුගේ නිවසේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වෙකු මීට පෙර මත්ද්‍රව්‍ය තොගයක් අධිවේගි මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වී නඩු පවරා තිබූ අයෙක් බවටද අනාවරණය වී ඇත.
0 Comments