රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සිදුවන පරීක්ෂණ අනුව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සිසුන්ගේ සහයට බාහිරින් පැමිණි පිරිස මෙහයවා ඇත්තේ 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ පුතා බව හෙළිව තිබේ.
පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන තිබූ අතර
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 7කි.
පොල් සංවර්ධන අධිකාරියේ වාහනයකින් ගොස් රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති ධුරයෙන් ඉවත් වන ලෙස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) දැනුම් දී ඇතැයි වාර්තා වේ.
නමුත් රාජ්‍ය අමාත්‍යවරයා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී කරුණු පැහැදිලි කර තමා නිර්දෝෂී බවත් පුතාකරන වැඩ තමා දන්නේ නැති බවත් පවසා ඇතැයි වාර්තා විය.
ඒ වනතුරු පොලිසිය පුත්‍රය ඇල්ලුවේ නැති අතර අනතුරුව පුත්‍රයා ඊයේ (02) රාත්‍රියේ රාගම පොලිසිය වෙත භාර කර තිබේ.
මීට ආසන්න කාලයේ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ඩුබායි සිට පැමිණි එතනෝල් ව්‍යාපාරිකයකු කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ පර්යන්තයට ගොස් රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපකීර්තියට ලක්වූවද කිසිවක් සිදුවූයේ නැත.
රාගම සිද්ධියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
0 Comments