bappi-lahiri-dies

ජනප්‍රිය ඉන්දියානු සංගීතවේදී බප්පි ලහිරි (Bappi Lahiri) අඟහරුවාදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මිය යන විට ඔහු 69 වියෙහි පසු විය.
මුම්බායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බප්පි ලහිරි, නින්දේදීම මෙලෙස මධ්‍යම රාත්‍රියට ටික වේලාවකට පෙර මිය ගොස් තිබුනු බව වෛද්‍යවරයෙක් සදහන් කර ඇත.


80 සහ 90 දශකවල ඉන්දියාවේ ඩිස්කෝ සංගීතය ජනප්‍රිය කිරීම සඳහා බප්පි ලහිරි ප්‍රසිද්ධ විය. ඒ අනුව ඉන්දීය ‘ඩිස්කෝ සංගීත රජු‘ ලෙස සැලකෙන ඔහු "Chalte Chalte", "Disco Dancer", "Sharaabi" ඇතුළු ප්‍රසිද්ධ චිත්‍රපට කිහිපයක් සඳහා ගීත රචනා කළේය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රවීණ නිර්මාපකයා සහ ගායකයාගේ අභාවය පිළිබඳව ශෝකවන බවත්, "පරම්පරා ගණනාවක් පුරා සිටින පුද්ගලයින්ට ඔහුගේ කෘතිවලට සම්බන්ධ විය හැකි" බවත්ය.
එසේම ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ද ලහිරිගේ පවුලේ අයට සහ රසිකයන්ට ශෝකය ප්‍රකාශ කළේය.