An-Islamic-teacher-in-a-Hindu-school-has-been-threatened-and-assaulted

ත්‍රිකුණාමලය, ශ්‍රී ෂන්මුගා හින්දු කාන්තා විද්‍යාලයේ ගුරුවරියක ලෙස බදාදා (2) යළි රාජකාරි ආරම්භ කිරීමට උත්සාහ කළ ෆාතිමා ෆමිතා රමීස් මහත්මියට අබාය ඇඳුමක් ඇඳගෙන පාසලට ආ බවට තර්ජනය කර පහර දී ඇතැයි පැමිණිල්ලක් කර තිබේ.


අබාය යනු පළඳින්නාගේ හිසේ සිට දෙපතුළ දක්වා ආවරණය වන පරිදි මුහුණ නොවැසුණු සහ දෘශ්‍යමාන වන ලිහිල් ඇඳුමකි.

ඉස්ලාම් ආගමික ෆාතිමා රමීස් තවත් ගුරුවරුන් තිදෙනෙකු සමඟ පැමිණ මේ ගැන මීට වසර 4 කට පමණ පෙර  2018 මැයි 21 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට (HRCSL) පැමිණිල්ලක් ගොනු කළේ,

පාසලේ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාසලේ කළමනාකාරීත්ව කමිටුව විසින් ඔවුන්ට අබාය තහනම් කර ඇති බව දක්වමිනි.

2019 පෙබරවාරි 2 වන දින, HRCSL, පැමිණිල්ල පිළිබඳ විමර්ශනයකින් පසුව, පැමිණිලිකරුවන්ට ඔවුන්ගේ රාජකාරිය නැවත ආරම්භ කිරීමට සහ බාධාවකින් හෝ හිරිහැරයකින් තොරව ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඔවුන් කැමති ඇඳුමක් ඇඳීමට අවසර දෙන ලෙස නිර්දේශ කළේය.

කෙසේ වෙතත්, මෙම HRCSL නිර්දේශය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාසලට චෝදනා එල්ල වේ. මූලික පැමිණිලිකරුවන් තිදෙනෙකු දැන් වෙනත් ස්ථානයකට මාරුවීම් පිළිගෙන ඇතත්, HRCSL නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙස පාසලෙන් ඉල්ලා 2021 දී අභියාචනාධිකරණයට රිට් අයදුම්පතක් ගොනු කිරීමට රමීස් තීරණය කළාය.

මෙම නඩුව 2021 නොවැම්බර් මාසයේදී  යළි  කැඳවනු ලැබීය. වගඋත්තරකරුවන් - අධ්‍යාපන අමාත්‍යාංශය, ත්‍රිකුණාමලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පාසල් විදුහල්පතිවරයා - සමථයක් යෝජනා කළ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවන ලද ලිපියක් මගින් පෙබරවාරි 2 වැනි දින සේවයට වාර්තා කරන ලෙස රමීස්ට දන්වා තිබේ.
රමීස්ගේ නීති උපදේශිකා නීතිඥ ස්වස්තික අරුලිංගම් මහත්මිය ප්‍රකාශ කරේ
බදාදා දින,


ෆාතිමා රමීස් විදුහලේ විදුහල්පති කාර්යාලයට වාර්තා කළ විට, පාසලට පරිබාහිර පාර්ශ්වයන් එම පරිශ්‍රයට ඇතුළු වී, එක් අයකු ඇයට තර්ජනය කර තවත් අයෙක් ඇගේ ගෙල මිරිකා මරා දැමීමට උත්සාහ කර ඇති බවයි.
පසුව ඇය 119 පොලිස් ක්ෂණික ඇමතුම් අංකයට කතා කර ඇත. පොලිසිය පැමිණෙන විට, ෆාතිමා රමීස් තල්ලු කර කකුලට තුවාල කළ බවට පාසලේ විදුහල්පතිවරිය  චෝදනා කර ඇති අතර, පසුව ඇය රෝහල් ගත කර ඇත. රමීස් ද ගෙල සිර කිරීමට තැත් කිරීම නිසා පරීක්‍ෂණයක් සඳහා රෝහල් ගත කර තිබිණි.


පොලිසිය විසින් දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇත. අභියාචනාධිකරණය මෙම රිට් අයදුම්පතට අදාළ නඩුව පෙබරවාරි 7 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

මෙම කාරණය සම්බන්ධයෙන් HRCSL මූලික විමර්ශනයේ සටහන් වන්නේ ඔවුන් හුදෙක් “පාසලේ හින්දු සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට” උත්සාහ කරමින් වාර්ගික ගැටුමක් ඇතිකරවා ඇති බවයි.