madman-is-upset-but-the-doctor-is-not-upset-Response-from-Pushpika

තමාගේ රූප රැජිණි කිරුළ ගැලවීම තමා පිළිනොගන්නා බවත් තනි පුද්ගල මතයකට විනිශ්චය මණ්ඩල තීරණයක් වෙනස් කළ නොහැකි බවත් ආන්දෝලනයට ලක්වූ 2021 විවාහක රූ රැජිණි පුෂ්පිකා ද සිල්වා සඳහන් කරයි.


ඇය මේ බව කියා සිටියේ ඇගේ කිරුළ අහිමි කිරීමට අදාළව රූ රැජිනි ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ප්‍රසිද්ධ කළ ලිපියට ප්‍රතිචාර වශයෙනි.


සත්‍ය ලෙසම තමාට කිරුළ තවම ලැබී නැති බවත් එය ඇත්තේ ජුවෙලරියක බවත් කියන පුෂ්පිකා එබැවින් ගලවන්නට කිරුළක් තමා පැළඳ නැති බවද කියන්නීය. තමාට එවූ නීතිමය ලියවිලි වලට තමා තවම පිළිතුරු බැඳ නැති බවත් එවන් පසුබිමක කිරුළ ගැලවීම කළ නොහැකි බවත් ඇගේ තර්කයයි.
පිස්සො කලබල වුනාට දොස්තර කලබල නැහැ  කියල විතරයි මට කියන්න තියෙන්නෙ ඇය කියන්නීය.

(කෙසේ වෙතත් අද සවස වාර්තාවූයේ මිසිස් වර්ල්ඩ් ඇමරිකානු සංවිධානයේ ප්‍රධානියා පුෂ්පිකාගේ කිරුළ ගැලවීම අගය කරමින් සටහනක් තබා තිබූ බවකි. කැරොලින් ජූරි කළ ක්‍රියාවද ඇය අගය කර තිබුණි.)

පුෂ්පිකාගේ ප්‍රතිචාරය පහත ඕඩියෝවෙන්