අද අලුයම කිසියම් පිරිසක් කළ පහරදීමකින් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
 සිව් වන වසරේ ඉගෙනුම ලබන පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් එලෙස පහරකෑමට ලක්ව තිබේ.අලුයම දෙකට පමණ

පිරිසක් කඩාවැදී මෙම පහරදීම සිදුකර තිබේ.

තමන්ට පහර දීම සිදුකළේ කුමන හේතුවක් නිසාදැයි යන්න නොදන්නා බව සිසුන් දන්වා ඇත.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබු සරසවි සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඉන් එක් අයෙක් මීගමුව රෝහලට මාරු කර යැවූ බව ද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසන අතර ඔහුගේ ප්‍රශ්න කිරීම අරඹා ඇත.ප්‍රහාරය සදහා පැමිණි පුද්ගලයින්ට අයත් මෝටර් රථයක් සිසුන් භාරයට ගෙන පොලිසියට භාර දී ඇති බවද පැවසේ.