The-eighteen-year-old-girl-was-taken-off-the-night-bus-to-the-jungle

මවට හොරෙන් බස් රථයෙන් බැසගත් 18 හැවිරිදි තරුණියක අම්බලන්තොට  උසන්ගොඩ කැලයට තරුණයකු සමග රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටියදී ප්‍රදේශවාසීන්ට හසු වී හුංගම පොලීසියට බාර දී ඇතැයි හුංගම පොලීසිය කියයි.  මාතර සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටියදී මෙම දියණිය ලුනම ඇඟලුම් කම්හල අසල පෙරේදා (20  වැනිදා) රාත්‍රී 8ට පමණ බස් රථයෙන් බැස,



එම බස් රථයේ ගමන්ගත් තවත් තරුණයකු සමග උසන්ගොඩ කැලය ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇතැයි  පොලීසිය කියයි. ඇඹිලිපිටියට ටිකට් ගත් මව සහ දියණියගෙන් තරුණිය පමණක් අතරමගදී බැස යනු දුටු කොන්දොස්තරවරයා මවට කියා ඇත්තේ දියණිය බසයෙන් බැස ගිය  බවය.  එය ඇසූ මව ද ඊට ටික දුරකින් බසයෙන් බැස දියණිය සොයා අඬමින්  පැමිණෙන විට, අසල කඩයක සිටි තරුණයකු යතුරුපැදියෙන්, බසයෙන් බැස ගිය තරුණිය පසුපස ලුහුබැඳ  ගොස් අල්ලා අවට පිරිස් සමග මව ළඟට රැගෙන ගොස් ඇතත්, ඇය සමග සිටි තරුණයා තරුණිය තනිකර පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.

අතරමං වූ තරුණිය මව ළගට රැගෙන ගිය විට ඇය එක්වරම මේ  මගේ අම්මා නෙවෙයි. මම දන්නේ නැ  කියා පවසා ඇතැයි පොලීසිය කියයි. දුවට අපල තිබෙන නිසා මාතර ප්‍රදේශයේ දේවාලයකට ගොස් පූජාවක් කර පනාමුරේ නිවෙස බලා යමින්  සිටියදී දුව මෙලෙස තමාට හොරෙන් බසයෙන් බැස ගිය බව මව මෙහිදී කියා ඇත.



මෙම සංවාදය ගමේ අයට විසඳා ගැනීමට නොහැකි හෙයින් ගම්වාසීන් හුංගම පොලිසියට දුරකතනයෙන් දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීහු වහා පැමිණ දියණියගෙන් හා මවගෙන් ප්‍රශ්න කළහ.  ගමන් මලු හා හැඳුනුම්පත් පරීක්ෂා කර බලා  දියණියට තරයේ අවවාද කර දෙදෙනාගේම කටඋත්තර සටහන් කරගැනීමෙන් පසුව දියණිය මවට බාර දී පනාමුරේ නිවෙස බලා යන  ලෙසට උපදෙස් ලබා දුන්නේය.  හුංගම  පොලීසිය පරීක්ෂණ පවත්වයි.


 සනත් ගමගේ -