American-beauty-queen-dies-after-being-hit-by-a-bottle-on-her-head

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තය නියෝජනය කරමින් Miss for America Strong රූ රැජිණ නියෝජනය කළ සූ සොසෝ බෙතෙල් (27) නමැති කළු ජාතික තරුණිය අභිරහස් ලෙස මරණයට පත්ව ඇතැයි ඩේලි මේල් පුවත්පත වාර්තා කරයි.
ගැඹුරු ආගමික විශ්වාසයන් ඇතිව විවිධ පුදපූජා පවත්වන්නනියක බවට තොරතුරු හෙලිව ඇති රූපරාජිණී තරඟකාරිය ඇගේ ගතානුගතික කටයුත්තකදී හිසට වැදුණ බෝතල් පහරක් නිසා ටික දිනක් සිහිසුන්ව කොමා තත්වයෙන් පසුවී මරණයට පත්වූ බව වාර්තා කර තිබේ.


හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලි ආවරණය කළ RBSN මාධ්‍ය ජාලයේ දේශපාලන විචාරිකාවක ද වූ ඇය මියාමි හිදී ‘අභිරහස් අනතුරකින්‘ හිසට තුවාල සිදුවී සිකුරාදා මිය ගිය බව ඇගේ පවුලේ අය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.
'අපගේ ආදරණීය Zoe Sozo Bethel ඇගේ තුවාල වලට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ජීවිතයෙන් ඊළඟ ජීවිතයට ගියා' යැයි ඇගේ පවුලේ අය ෆේස්බුක් හි ලියා ඇත.
පෙබරවාරි 10 වන දින මියාමි හි නිශ්චිතව දක්වා නොමැති අනතුරකින් බෙතෙල් ගේ මොළයට දැඩි හානියක් සිදු විය. ඇය මිය යාමට පෙර පෙබරවාරි 18 වනදා දක්වා කෝමා තත්වයේ සිටියාය.
තුවාල සිදුවූයේ කුමන ආකාරයේ අනතුරක්ද යන්න පවුලේ අය අනාවරණය කර නොමැති අතර මියාමි පොලිසිය ‘බෝතල් පහරක්‘ ගැන කීම හැර කිසිදු තොරතුරක් ලබා දී නොමැත.
27 හැවිරිදි සුන්දරිය ඇගේ ගතානුගතික විශ්වාසයන් මත විවිධ අසාමාක්‍ය කටයුතු කර තිබු අතර ඇයගේ විශ්වාසයන් නිසා ඇය 2018 දී නිරූපණ ප්‍රසංගයකින් නෙරපා හරින ලද බවටද වාර්තා විය.
ඇමරිකාවේ හිටපු රූ රැජිනකවූ 30 හැවිරිදි චෙස්ලි ක්‍රිස්ට්ද පසුගිය ජනවාරි මාසයේදී නිව් යෝර්ක් නගරයේ තට්ටු 60කින් යුත් උස් තට්ටුවකින් පැන සිය දිවි නසා ගත්තාය. 







(ඩේලි මේල් ඇසුරිනි - Gossiplankanews.com)