යුක්රේනය සම්බන්ධයෙන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නවතම ක්‍රියාමාර්ග වලට විරොධය පළ කරමින් රුසියාවට එරෙහිව නව සම්බාධක පනවන බව ඇමරිකානු ජනාධිපති බයිඩෙන් නිවේදනය කළේය.

"මෙය යුක්රේනය රුසියානු ආක්‍රමණයක ආරම්භයයි... ඒ නිසා මම ඊට ප්‍රතිචාරයක් වශයෙන් සම්බාධක පැනවීමට පටන් ගන්නවා" යැයි ධවල මන්දිරයේදී ඔහු පැවසුවේ යුක්රේනයට "සාම සාධක" හමුදා යැවීමට පුටින් ගත් තීරණයට ප්‍රතිචාර දක්වමිනි. පුටින් සඳුදා ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් යුක්රේනයෙන් ස්වාධීන බව නිල වශයෙන් පිළිගෙන පැය කිහිපයකට පසු නැගෙනහිර කැඩී ගිය ප්‍රදේශ ආරක්ෂාවට කියා මෙම ක්‍රියාව සිදු කර තිබුණි.


ඇමරිකානු ජනපතිවරයාගේ සම්බාධක ඉලක්ක වන්නේ රුසියාවේ විශාල බැංකු දෙකක් සහ එහි ස්වෛරීත්වය උල්ලංඝනය තරමිනි. රුසියාවට විශාල වෙළෙද පාඩු සිදු කරමින් යුරෝපය හා ඇමරිකාව ගනුදෙනු වලින් ඉවත්වීම ඒ අනුව සිදුවනු ඇත.
“ඒ කියන්නේ අපි රුසියාවේ රජය බටහිර මූල්‍යකරණයෙන් කපා හැරියා” යැයි ජනාධිපතිවරයා පැවසීය.

රුසියාව යුක්රේන දේශසීමාවේ 190,000කට අධික භට පිරිසක් රැස්කරගෙන සිටින බව එක්සත් ජනපදය පවසයි.
රුසියාවට එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත් කළ රටවල් අතර එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය ද විය.
මේ වනවිට යුක්රේනයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය රුසියාවේ මීළඟ මිලිටරි පියවරයන් අවිනිශ්චිතතාවයෙන් යුතු බැවින් බදාදා "වහාම" පිටත්ව යන ලෙස රුසියාවේ දේශ සීමාව හරහා සිටින තම පුරවැසියන්ට අනතුරු ඇගවීය.


මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ සභාවාරයක් කැදවා ප්‍රශ්නය ගැන කතාබහක් අරඹා ඇති අතර සියලු ක්‍රියාවන් අත්හරින ලෙස එහි කතාවක් පවත්වන යුක්රේන විදේශ ඇමතිවරයා ඉල්ලා සිටියි.